gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මා ඇතුළු ජ්‍යෙෂ්ඨයන් දහයකට ආණ්ඩුවෙන් එලියට යන්න වෙනවා... අපට වුනේ ලොකු අසාධාරණයක් - එස් .එම් චන්ද්‍රසේන

තමන්ද ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් දස දෙනෙකුට ලොකු අසාධාරණයක් වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

ආණ්ඩුවෙන් එළියට යන්නේ නම් ඒ දස දෙනාම එලියට යන්න වෙන බව ද හෙතෙම පැවසීය.

නමුත් නමුත් ඒවා හිරකරගෙන සිටින්නේ රටේ ජනතාව වෙනුවෙන් ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යා යුතු නිසා බවද හෙතෙම පෙන්වා දෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට හැටනම ලක්ෂයක ඡන්ද ලබා දුන්නේත් ආණ්ඩුවට තුනෙන් දෙකක ජනවරමක් ලබා දුන්නෙත් දිස්ත්‍රික් නායකයන් වශයෙන් තමන් ඇතුළු ජේෂ්ඨයන් බව ද පැවසූ ඔහු එසේ වුවද මෙම සියලු අසාධාරණකම් දරා සිටින්නේ රටේ ජනතාව වෙනුවෙන් බවත් තව දුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ අමාත්‍යධූර නොලැබීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka