ගොඩගත් ෂාෆ්ටර් දේහය කරාපිටිය වෛද්‍ය පීඨයට!
අද පෙරවරුවේ යළි ගොඩ ගැනුණු ව්‍යාපාර නායක දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය සම්බන්ධයෙන් සිදු කළ යුතු වෝහාරික වෛද්‍ය පර්යේෂණ සඳහා එය ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨය වෙත රැගෙන යාමට නියමිතය.
මේ සම්බන්ධයෙන් සිදුවිය යුතු මූලික කටයුතු සිදුවෙමින් පවතින අතර පසුව කරාපිටියේදී අදාළ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය විසින් දේහය සම්බන්ධ විමර්ශණ කටයුතු සිදු කිරීමට නියමිතය. ෂාෆ්ටර් මහතා මිය ගිය හේතුව නිශ්චය කිරීම සඳහා අධිකරණ නියෝගවලට අනුව ඒ සඳහා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමට කටයුතු යෙදුණු අතර අද දේහය ගොඩ ගැනුණේ එම විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ ඉල්ලීම අනුවය.
මෙ අතර අදාළ වෛද්‍ය විශේෂඥයන් ෂාෆ්ටර් මහතා මිය යාමට පෙර සිය මෝටර් රථය තුළ සිටි බොරැල්ල කනත්ත ප්‍රදේශයේ අදාළ ස්ථානය නිරීක්ෂණය කිරීමටද කටයුතු කළහ. අධිකරණ නියමයෙන් පත් කළ මෙම පංච පුද්ගල විශේෂඥ කමිටුවට මහාචාර්ය අසේල මෙන්ඩිස්, මහාචාර්ය ඩී.සී.ආර් පෙරේරා, මහාචාර්ය ඩී.එන්.පී ප්‍රනාන්දු, වෛද්‍ය ශිවා සුබ්‍රමනියම් සහ වෛද්‍ය රොහාන් ප්‍රනාන්දු ඇතුළත් වෙති.
මෙම අවස්ථාවට කොළඹ සහ කරාපිටිය වෛද්‍ය පීඨවලට අනුයුක්ත වෛද්‍ය සහ රසායනාගාර තාක්සණ කණ්ඩායම් සාමාජිකයන් ගණනාවක්ද සහභාගී වූ අතර දනේෂ් ෂාෆ්ටර් මහතාගේ පියා වන ජනශක්ති රක්ෂණ සමාගමේ ආරම්භක සභාපති චන්ද්‍ර ෂාෆ්ටර් ඇතුලු පවුලේ සමීපතයින් කිහිප දනෙක්ද සහභාගී වූහ.
ගොඩගත් ෂාෆ්ටර් දේහය කරාපිටිය වෛද්‍ය පීඨයට!
2023-05-25T14:20:00+05:30
Lanka Hot News





