තිබහට බොන්න පිරිසිදු වතුර ටිකක් නැතුව ලතවෙන ජනතාවට, පිරිසුදු බොන වතුර ටිකක් ලබාදීමේ අරමුණින් රැයක් දවාලක් නොබලා වැඩකර, එක සීරුවට දිගට හරහට ජල පිරිපහදු මධ්‍යස්ථාන රැසක් ජනතා අයිතියට පත් කල බව පානීය ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ප්‍රකාශ කරයි.
ලවන මිශ්‍ර ජලය සහ බොන වතුර තබා වැසිකිළි යාමට වත් වතුර පොදක් නැති අපේම ජනතාවක් ජීවත්වන දුෂ්කර සහ අසීරු ප්‍රදේශ ඉලක්ක කරගත් පිරිසුදු පානීය ජල ව්‍යාපෘතියක් වූ බෝයගම, බඹරගම, කඩිගමුව “සුනිල දිය දහර” ප්‍රජා ජල ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කරන ලදී. පසුගියදා කෑගල්ල දිස්ත්‍රික්කයේ පැවති මෙම උත්සවය අවසානයේ දී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කරන්නට යෙදුණි.
රාජ්‍ය අමාත්‍යවරයා සුරතින් ජනතා අයිතියට පත් වූ මෙම පානීය ජල ව්‍යාපෘතිය ලෝක බැංකු ආධාර යටතේ ඉදි කර නිමවා තිබිණ. සම්පූර්ණ ඇස්තමේන්තු පිරිවැය රුපියල් මිලියන 138 .4 කින් නිමකල මෙමගින් පවුල් 392 කට පිරිසුදු පානීය ජලය සැපයීම සිදු කරයි.
මෙහිදී කතා කළ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, බීමට ජලය ලබාදීම සංසාරගත ආත්මයක් ආත්මයක් පාසා පින් පුරවන පුණ්‍යකර්මයක් වන බවයි. රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් වුවත්, නොවූවත් මිනිසෙකු ලෙස තමන් පින් කිරීමට කැමැති බවත්, කුසගින්නත් පිපාසයත් නිවීමෙන් ලැබෙන ආනිසංස ගැන තමන් හොඳාකාරවම දන්නා බවත් සඳහන් කර සිටියේය
වැඩිදුරටත් කතා කළ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළේය..
එක අතකට ලංකාව හරි පුදුමයි. සිව් මහා ගංගාවන් ගලන රටක් මේක. කකුල තියෙන තියෙන හැම තැනකම වතුර. ඒත් ගොඩදෙනෙකුට බොන්න වතුර නෑ. නැත්තෙ පිරිසුදු පානීය ජලය. මෙතරම් වතුර තියෙන රටක පිරිසුදු පානීය ජලය මෙතරම් හිඟ වුණේ කොහොමද?
ඕනෑම කෙනෙකුට කෑමට දෙයක් නැතිව දින ගණනක් සිටිය හැකියි. නමුත් වතුර පොදක් නැතුව එක් දිනක්වත් සිටීම අමාරුයි. ඒ ටික හොඳටම ඇති වතුර වල වටිනාකම තේරුම් ගැනීමට. අපි තේරුම් ගත යුතු හොඳම දෙය තමයි තියෙන හැම වතුරක් ම බොන්න බැරී බව. ඒකට හේතුව වෙන්නේ වතුර දූෂණය වීම. වඩාත් නිවැරදිව කිව්වොත් දූෂණය කිරීම. මෙන්න මේ දූෂණය කරන වතුර පිරිසිදු කර පිරිසිදු පානීය ජලය ලෙස ජනතාවගේ තිබහ නිවීමට, ජනතාවගේ ජීවිත වල නිරෝගී පැවැත්මට ලබාදීම තමයි, රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මට පැවරිලා තිබෙන රාජකාරිය.
ජනතාව තෝරා පත්කර රජයක් විදිහට මේක අපේ වගකීමක් මෙන්ම යුතුකමක්. මේ දෙක අපි ජීවිත පරදුවට තබා හෝ ඉටු කරනවා. ඒ කටයුත්තට අපිට ජනතාවගේ සහයෝගය අවශ්‍යයි. මොකක්ද රජයෙන් ඉල්ලන සහයෝගය. ජලය ආරක්ෂා කරගන්න. ජලය දූෂණය කිරීමෙන් වලකින්න. පිරිමැස්මෙන් යුතුව පාවිච්චි කරන්න.
ඔබ දන්නවාද? ඔබ අපතේ යවන එක් වතුර දෝතක් තවත් කෙනෙකුගේ තිබහ දෙගුණයකින් වැඩිකරන බව. ඔබ ඇති තරම් වතුර බොන්න. ඒ වගේම වතුර අපතේ යවන්න එපා. මොකද කියනවනම් ඔබ බොන වතුර ටිකටත්, අපතේ යවන වතුර ටිකටත් වියදම් වෙන්නේ ඔබේම සල්ලි. ඔබ දාඩිය මහන්සියෙන් හම්බකරන සල්ලි. ඒ හින්දා ගඳක් පාටක් පක්ෂයක් නැති වතුර ටිකට මේ දේශපාලනය ගාවගන්න එපා කියලා බොහොම ආදරයෙන් මම ජනතාවගෙන් ඉල්ලා සිටීමට කැමතියි.
මෙම ජල පිරිපහදුව ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, රාජ්‍ය අමාත්‍ය කනක හේරත් ගලිගමුව ප්‍රාදේශීය මන්ත්රවල ලලිත් රෝහණ, ගලිගමුව පොදුජන පෙරමුණ ආසන සංවිධායක සමන් ජයසිංහ ඇතුළු මහත්ම මහත්මීන් රැසක් සහභාගි වී සිටියහ.
පී.සී.හෙට්ටිආරච්චි,
මාධ්‍ය ලේකම්