gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ්‍රීලනිප ආසන සංවිධායක පැදවූ රියට කහ ඉර මතදී යටවී පිය පුතු දෙපොල මරුට, පියාට 42යි පුතාට 11යි

මහනුවර පාතහේවාහැට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරයා මහනුවර මෙන්ම හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන ගාමිණී විජය බණ්ඩාර මහතා විසින් පදවන ලද ජීප් රථයක මහනුවර ධර්මරාජ විදුහල ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ කහ ඉර මතින් ගමන් කරමින් සිටි පිය පුතු දෙපළක් ගැටී මරණයට පත්ව තිබේ.
 
අනතුර පෙරේදා (16) රාත්රී 8.10 ට පමණ සිදුව තිබෙන අතර  මියගොස් ඇත්තේ  42 හැවිරිදි පියා සහ 11 හැවිරිදි ඔහුගේ පුතා බව මහනුවර පොලීසියේ රථවාහන අංශය පවසයි.

මියගිය සිසුවා මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින බව දැන ගන්නට ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පදිංචි චන්දික සම්පත් රොද්‍රිගෝ සහ විමන්ත රොද්‍රිගෝ නැමැති ඔහුගේ පුතාය.

පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාතහේවාහැට ආසන සංවිධායක ගාමිණි විජයබණ්ඩාර නැමැති අය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සැකකරු කරාටේ ක්‍රීඩා උපදේශකවරයෙකු වන අතර ඔහු කරාටේ පංතියක් නිමකර ආපසු නිවස බලා යමින් සිටිය දී මෙම අනතුරුව සිදුව තිබෙන බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka