අද(16) පැවති සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී සමගි ජනබලවේගය ප්‍රමුඛ සන්ධානයත් ගොඩ නැගීම සදහා තමන් කටයුතු කරන බවත් අභ්‍යන්තර සහ බාහිර වශයෙන් ඊට අදාල වගකීම තමන් විසින් භාර ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
සමගි ජනබලවේගයේ දර්ශනය, වැඩපිළිවෙළ පිලිගන්නා පාර්ශව සමග අදාල සන්ධානය ගොඩ නගන බවද විපක්ෂ නායකතුමා පැවසීය.
ඒ අනුව එළැඹෙන ජනාධිපතිවරණයට සමගි ජනබලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානයෙන් ඉදිරිපත් විය යුත්තේ සජිත් ප්‍රේමදාස මහතා බව සුජීව සේනසිංහ මහතා සහ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් යෝජනා කළ අතර කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ඒකමතිකව එය අනුමත කරනු ලැබීය.
විනය කඩකරන පිරිස් පිලිබදව ක්‍රියාත්මක වීමට මහ ලේකම් රන්ජිත් මද්දුම බන්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක,විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන්ට පවරනු ලැබීය.
චමින්ද විජේසිරි,හර්ෂණ රාජකරුණා,එස්.එම් මරික්කාර්, රෙහාන් ජයවික්‍රම,ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය,ඇතුලු පිරිස අදහහ් දක්වමින් අදාල යෝජනාව පිළිබඳව සිය ප්‍රසාදය පලකරනු ලැබීය.