රාජපක්‍ෂලා උගඩන්ඩා සැගවූ ධනය ගේන්නැයි නාමල් ජනපතිට කියයි
රාජපක්ෂලා උගන්ඩාවට ගෙන ගිය මුදල් ටික ආපසු දෙන්නැයි උගන්ඩාවේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලන්නයි ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
උගන්ඩාවට ගුවන්යානා වලින් මුදල් අරන් ගියේ යැයි එදා තම පාර්ශ්වයට චෝදනා කළ බවත් ගාලු මුවදොර විරෝධතාකරුවන් ද පුවරු එල්ලාගෙන සිටි බවත් හෙතෙම පවසයි.
නිර්දෝෂීභාවය ඔප්පු කරන්න අදටද සූදානම් බවද පැවසූ ඔහු උගන්ඩාවේ මුදල් ආපසු ගෙන ඒම සඳහා මැදිහත් වන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද කියා සිටියේය.
ඒ සදහා අවශ්‍ය නම් දිවුරුම් ප්‍රකාශයක් වුවද ලබාදීමට සූදානම් බවද හෙතෙම පැවසීය.
එදා ගාලුමුවදොර පුවරු අල්ලාගෙන සිටි අයද උගන්ඩාවට ගොස් එම සල්ලි ගෙන ඒමට මැදිහත් වන්නැයිද ඉල්ලා සිටින බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ මාතර ප්‍රදේශයේ පැවැති ජන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමිනි.

2023-05-08T14:44:00+05:30
Lanka Hot News