gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

"දේවගැති ජෙරොම් – ඌබට් ඒන්ජල් මාව හමුවන්න ආවා... මටයි ශිරන්තිටයි යාඥාවක් කළා..." - මේ දවස්වල සෝෂල් මීඩියා හොල්ලන ෆොටෝ ඒක ගැන මහින්ද කතා කරයි

තමන් ඌබර්ට් එන්ජල් හෝ ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරුන් මුණ ගැසී ඇත්තේ එක් වතාවක් පමණක් බවත් ඔවුන් සමඟ කිසිඳු සම්බන්ධතාවයක් තමන්ට නොමැති බවත් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර ඇත.

තමන් එක්වතාවක් ඔවුන් මුණ ගැසුනේ දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ කාර්යාලය නිල වශයෙන් කළ ඉල්ලීමක් නිසාවෙන් බව රාජපක්ෂ මහ පෙන්වා දී තිබේ.

ඌබර්ට් එන්ජල් සහ ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරුන් සමඟ සම්බන්ධතාවයක් තිබෙන බවට එල්ල වන චෝදනාවට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මේ බව පවසා ඇත.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු බුද්ධාගම සහ අනෙකුත් ආගම් සම්බන්ධයෙන් සිදු කර ඇති ආන්දෝලනාත්මක ප්‍රකාශ තමන් හෙළා දකින බවත් ජාතීන් අතර අසමගිය හෝ වෛරය ඇතිවන ආකාරයේ ප්‍රකාශ වලට අප රටේ ඉඩක් නොමැති බවත් රාජපක්ෂ පෙන්වා දී තිබේ.

තමන් අග්‍රාමාත්‍යවරයා සහ ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස ධුර දරන අවස්ථාවේදී දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ කාර්යාලයෙන් නිල වශයෙන් හමුවක් ඉල්ලා ඉල්ලීමක් තමන්ට ලැබුණු බව රාජපක්ෂ පවසා ඇත.

හොඳ හිත වර්ධනය කරගැනීමේ සහ මුණ දෙන ගැටළු සොයා බැලීමේ අරමුණින් තමන් ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස එම අවස්ථාවේදී ආගමික නායකයන් සහ නියෝජිතයන් මුණ ගැසීමට ප්‍රමුඛත්වය ලබා දී තිබූ බවත් ඒ හේතුවෙන් එම ඉල්ලීම පිළිගත් බවත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

එය සුහද හමුවක් වූ අතර එහිදී දේවගැතිවරුන් දෙදෙනාම තමන් සහ බිරිඳ වෙනුවෙන් යාඥාවක් පැවැත්වූ බවත් එය නිල හමුවක් බැවින් ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කළ බවත් ඒ හැර තමන්ට ඔවුන් සමඟ පුද්ගලික සම්බන්ධයක් නොමැති බවත් රාජපක්ෂ පෙන්වා දී තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka