පාර්ලිමේන්තුවේ එකම ස්වාධීන කමිටුව ලෙස සැලකෙන මුදල් කමිටුවේ අද දින වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කොට ඇත්තේ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාය.
මේ සම්බන්ධයෙන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සිය විරෝධය පළ කොට ඇති අතර එය ලිඛිතවම සටහන් කර ගන්නා ලෙස දැනුම් දීමක්ද කොට තිබේ.
එහිදී කතානායකවරයාගේ මෙම වැඩපිළිවෙළ ‘පිළිකුල් සහගත’ බව වීරක්කොඩි මහතා සදහන් කොට ඇත.
ස්ථාවර නියෝගවලට අනුව මෙම කමිටුවේ සභාපති ධූරය ලබා දිය යුත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරයකුටය.
ඒ අනුව සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා කොට තිබිණ.
නමුත් ආණ්ඩුව ස්ථාවර නියෝග කඩකරමින් විපක්ෂයේ මන්ත්‍රීවරයකු වූ මයන්ත දිසානායක මහතාගේ නම යෝජනා කොට සම්මත කළ අතර මුලදී එම තනතුර බාරගත් මයන්ත දිසානායක මහතා පසුව ඉන් ඉල්ලා අස්වීමට පියවර ගත්තේය.
ඒ අනුව මුදල් කමිටුවේ සභාපති ධූරය හිස්ව පැවතිණ.
පසුව අවස්ථා දෙකකදී ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු වන වජිර අබේවර්ධන මහතා එහි වැඩබලන සභාපතිවරයා වශයෙන් පත්කොට මුදල් පනත් කිහිපයක්ම සම්මත කර ගැනීමට ආණ්ඩුව පියවර ගෙන තිබුණේ විපක්ෂයේ විරෝධය මධ්‍යයේය.
එමෙන්ම අද දින පැවැති මුදල් කමිටු රැස්වීමේදී එහි වැඩබලන සභාපතිවරයා වශයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත්කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබූ අතර එහිදී විපක්ෂය වෙනුවෙන් චන්දිම වීරක්කොඩි මහතා ඊට සිය දැඩි විරෝධය පළ කිරීමට පියවර ගෙන තිබිණ.
අද පෙරවරු 10ට මුදල් කමිටුව රැස්ව තිබේ.