gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුකාරවරු ඉල්ලා අස්නොවෙති.. ජනාධිපතිගෙන් ලිපියක් ඉල්ලති…

ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වන්නැයි මෙතෙක් ජනාධිපතිවරයාගෙන් හෝ ජනාධිපති කාර්යාලයෙන් හෝ ලිඛිත දැනුම්දීමක් කර නැති බව ආණ්ඩුකරුන් කියා සිටිති.
එවන් තත්ත්වයක් තුළ ධුරයන් වලින් ඉල්ලා අස්වීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයිද ඉල්ලා අස්වන්නැයි දැනුම් දී ඇති බවට මාධ්‍ය වාර්තා පල වූ පළාත් ආණ්ඩුකාරවරුන් කියති.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සඳහන් කරන්නේ තමන්ට ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි දැනුම් දී ඇතැයි දැන ගත්තේ මාධ්‍ය වාර්තා වලින් පමණක් බවත් මෙතෙක් ඒ පිළිබඳව නිල වශයෙන් දැනුම් දී නැති බවත් එනිසා ධුරයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැති බවත්ය.

වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ මහතා ද සඳහන් කරන්නේ මෙතෙක් ධුරයෙන් ඉල්ලා අස්වන නිල වශයෙන් දැනුම් දී නැති නිසා තවදුරටත් තමන් ධුරයේ රැදී සිටින බවයි.

ඌව පළාත් ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල් මහතා ද සඳහන් කළේ තමන්ට ධුරයෙන් ඉල්ලා අස් වන්නැයි දැනුම් දී නැති නිසා තවදුරටත් ධුරයේ රැඳී සිටීමට තීරණය කර ඇති බවයි.
සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසන්නේ ජනාධිපතිවරයා විසින් ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙන්නේ නම් පමණක් ඉල්ලා අස්වීමට තමන් සූදානම් බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka