පාස්පෝට් දෙකකින් සෙල්ලම් දැමූ චීනාව පිටුවහල් කරන්නැයි මහජන ආරක්ෂක ඇමති ටිරාන්ගෙන් නියෝගයක්
විදේශ ගමන් බලපත්‍ර දෙකකින් පැමිණි චීන ජාතිකයා වහා ම පිටුවහල් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ආගමන විගමන පාලකවරයාට දැනුම් දී ඇත.විදේශ ගමන් බලපත්‍ර දෙකකින් මෙරටට පැමිණි බව කියන අදාළ චීන ජාතිකයා (මැයි 22) ආගමන විගමන දෙපාර්තමේන්තුවට කැඳවන ලෙසට අමාත්‍ය ටිරාන් අලස් ආගමන විගමන පාලකවරයාට උපදෙස් ලබා දී තිබිණි.
ඒ අනුව, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව හා විදෙස් ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීමෙන් පසුව එම චීන ජාතිකයා වහා ම පිටුවහල් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යවරයා නියෝග කර ඇත.
ඒ අනුව, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව හා විදෙස් ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීමෙන් පසුව එම චීන ජාතිකයා වහා ම පිටුවහල් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යවරයා නියෝග කර ඇත.
පාස්පෝට් දෙකකින් සෙල්ලම් දැමූ චීනාව පිටුවහල් කරන්නැයි මහජන ආරක්ෂක ඇමති ටිරාන්ගෙන් නියෝගයක්
2023-05-24T07:16:00+05:30
Gossip Lanka Hot News