gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සුධර්මා නෙත්තිකුමාර පොලිස් පැමිණිල්ල දමා ඇත්තේ මෙහෙකාරිය පොලිස් පහරදීමෙන් මිය ගියාටත් පසුව බව හෙළිවේ!

මෙහෙකාර කාන්තාව මිය ගොස් ඇත්තේ පොලිස් පහරදීමෙන් බව විද්‍යාත්මක සාක්ෂිවලින් තහවුරු වෙලා වැලිකඩ ‍පොලිසියේදී සිදුවූ  පොලිස් පහර දීමකින් පසුව මිය ගිය රාජ කුමාරී නැමති කාන්තාවට එරෙහිව වූ සොරකමක් සම්බන්ධ පැමිණිල්ල ප්‍රකට ව්‍යාපාරික කාන්තාවක් මෙන්ම කලක් රටේ ආන්දෝලනාත්මක චරිතයක් වූ  සුධර්මා නෙත්තිකුමාර විසින් සිදු කරනු ලැබ ඇත්තේ අදාළ කාන්තාව මිය ගිය පසුව බව  මේ සම්බන්ධයේ සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබේ.

පැමිණිල්ලකින් පවා තොරව ඇය අත්අඩංගුවට ගෙන මෙලෙස පහර දී ඇති බවට මේ වනවිට අනාවරණය වී ඇති අතර ඇය මෙම පහර දීමෙන් මිය ගිය බවට මේ වනවිට විද්‍යාත්මක කරුණු සහ සාක්ෂි ඉදිරිපත්ව ඇති බවද මෙම විමර්ශනවලට සමීප ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.


තම නිවසේ මෙහෙකාරියක ලෙස සේවය කළ බදුල්ලේ දෙමෝදර පදිංචි කාන්තාවකවන ආර් රාජකුමාරි නැමැති කාන්තාව සම්බන්ධයෙන් සුධර්මා නෙත්තිකුමාර  වැලිකඩ පොලිසිය දැනුවත් කර ඇත්තේ සිය නිවසේ තිබී නැතිවූ මුද්දක් මෙම කාන්තාව විසින් සොරකම් කළ බවට ඇයට    ඇතිවූ සැකයක් පදනම් කරගනිමිනි.

ඒ වනවිට බොරැල්ල කොටා පාරේ පිහිටි නිවසක මෙහෙකම් කරමින් සිටි රාජ් කුමාරි වැලිකඩ පොලිසියට ගෙන ගොස් සිටියදී මිය ගිය අතර ඇයට පොලිසිය තුළ දි දැඩි සේ පහර දී ඇති බව අනාවරණය වන්නේ මේ මිය යාම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනයක් මඟිනි.

මෙම විමර්ශනයේ මූලික අනාවරණයන් අනුව මේ වනවිටත් වැලිකඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් සිව් දෙනකුගේ වැඩි තහනම් කෙරුණු අතර වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් සිව් දෙනකුට මාරු වීම් ලබා දී ඇත.
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka