gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මධුර හා සනත්ලාගේ කුණු කේස් ආණ්ඩුකාරවරු ගෙදර යවයි?

මේවන විට බස්නාහිර පළාත හා වයඹ පළාත තුළ අකුරට නීතිය ක්‍රියාත්මක කරමින් සිටින ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු වන හිටපු ගුවන් හමුදාපති, මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස් රොෂාන් ගුණතිලක මහතා හා වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල්  වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන් ඉවත් කිරීමට දැඩි උත්සාහවයක සිටින බව වාර්තා වේ.

මේ පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදී ද දැඩි දෝෂා රෝපනයක් එල්ලකර ඇතැයි වාර්තා වේ.

මෙම ආණ්ඩුකාරවරුන් දෙදෙනා බස්නාහිර හා වයඹ පළාත්වල හමුදා පාලනයක් වැනි පාලනයක් ගෙන යන බවට මන්ත්‍රීහු එහිදී චෝදනා කර ඇති බව පැවසේ.

කෙසේවුද, ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තාවන්නේ අදාල ආණ්ඩුකාරවරුන් විසින් මන්ත්‍රීවරුන් රැගෙන එන නීතිවිරෝධී ගොඩනැගිලි අනුමත කිරීම්, ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීම් ඇතුළු දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් මොවුන් තදින් ක්‍රියා කිරීම මෙසේ චෝදනා එල්ලවීමට හේතුව බවයි.

අදාළ ආණ්ඩුකාරවරුන් දෙදෙනාගේ ක්‍රියාකලාපය ගැන තදින්ම කරුණු දක්වා ඇත්තේ අක්‍රමිකතා සම්බන්ධයෙන් නම ගිය මන්ත්‍රීවරුන්  හා රාජ්‍ය ඇමැතිවරුන් කිහිපදෙනෙකු වන මධුර විතානගේ, සනත් නිශාන්ත, ගාමිණී ලොකුගේ, ඩී. වීරසිංහ, ඩී.බී. හේරත්, ජයන්ත කැටගොඩ ඇතුළු පිරිස බවයි.

ආණ්ඩුකාරවරුන් සම්බන්ධව ඇති විවේචන සභාවට ගෙන ඒමේ මූලිකයා බවට පත්ව ඇත්තේ මධුර විතානගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බව පැවසේ.

“මේ බස්නාහිර ආණ්ඩුකාරවරයා පළාතේ දේශපාලනඥයන් කාටවත් ඇහුම්කන් දෙන්නේ නෑ. කොටිකාවත්ත, කෝට්ටේ වගේ ප්‍රාදේශීය සභා, නගර සභාවල කොමසාරිස්වරුන් මාරු කරලා. දැන් කතරගම ප්‍රාදේශීය ලේකම් මෙතනට ගෙනත් දාලා තියෙනවා. ඒ මහත්මයා හොඳ කෙනෙක් වෙන්න ඇති, නමුත් එතුමා දන්නේ නෑ මේ වැඩේ කරන්න. අපි මේක වෙනස් කරන්න කියලා කිව්වා. ඒත් ඔහු සූදානම් නෑ කිසිසේත්ම ඒක වෙනස් කරන්න. දැන් අපිත් එක්ක ප්‍රශ්න ඇති කරගෙන තියෙනවා. මෙහෙම අයත් එක්ක කොහොමද දේශපාලනය කරන්නේ.”

මේ අතර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ද කල් බලා ආණ්ඩුකාර හබයට පැටලෙමින් මෙසේ පවසා ඇත.

“බස්නාහිර විතරක් නෙවෙයි, වයඹ ආණ්ඩුකාරවරයත් මේ වගේ. මහජන නියෝජිතයන් කියන කිසිදේකට සවන්දීමක් නෑ. ජනාධිපතිතුමා සහභාගි වෙන එක්තරා රාජ්‍ය උත්සවයකටත්, රාජ්‍ය නිලධාරින්ට සහභාගි වෙන්න එපා කියලා වෙනත් කෙනෙක් හරහා ලියුම් ගැස්සුවා. වයඹ ආණ්ඩුකාරවරයා ආණ්ඩුව ගණන් ගන්නෙත් නෑ, පළාතේ මන්ත්‍රීවරු ගණන් ගන්නෙත් නෑ. දවසක් ආශු මාරසිංහ ජනාධිපති උපදේශකතුමා ජනාධිපති කාර්යාලය හරහා ආණ්ඩුකාරවරයාට උපදෙසක් ලබා දෙනකොට, එයාට කියපු දේ මං එතන අහගෙන හිටියා. ආශු මාරසිංහ මහත්තයාටත් එයා කිව්වේ, ඔය උපදෙස් මට වැඩක් නෑ වගේ කතාවක්. බොරු නම් අහන්න.”

මෙසේ ආණ්ඩුකාරවරුන්ට චෝදාන එල්ලකළ මන්ත්‍රීවරුන් බහුතරයටම විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ රාජ්‍ය අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් බව පැවසේ.

කෙසේවුවද, මෙම ආණ්ඩුකාරවරුන් දෙදෙනා ජනතාව අතර ඉතාම ජනප්‍රියත්වයට හා ජනාදරයට ලක්ව සිටින බවද වාර්තා වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka