කළුතර ටිහාරාගේ මරණයේ සැකකරු සොයාගෙන ඇත්තේ ටැටූ එකෙන්
කළුතර ටිහාරාගේ මරණයේ සැකකාර තරුණයා පිලිබදව පොලිසියට ඔත්තුව ලැබුණේ ඔහුගේ ඡායාරූපය සමාජ මාධ්‍යයේ පලකිරීම නිසා බව විමර්ශන භාර නිලධාරී පවසයි. මෙම සිද්ධියේ සැකකරු පලා යාමෙන් පසු ඔහු අත් අඩංගුවට ගැනීම සදහා මෙහෙයුම් දියත් කෙරිණි. බස්නාහිර පලාත භාර ජේශ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් විසින් එම සැකකරුගේ ඡායාරූපය සමාජ මාධ්‍ය තුල පලකරන ලෙස නියෝග කර තිබිණි. සමාජ මාධ්‍ය තුල එම ඡායාරූපය පල කිරීමත් සමග දුරකථන ඇමතුම් ගලා එන්නට විය.
පුද්ගලික ඔත්තුකරුවකු විසින් පොලිසියට ඇමතුමක් ලබා දෙමින් පවසා සිටියේ සමාජ මාධ්‍ය පලකර ඇති ඡායාරූපයේ දැක්වෙන පරිදි ඊට සමාන පච්චයක් (ටැටූ) එකක් ඇති පුද්ගලයකු හෝටලයක සිටිනා බවත් ඔහු පිටතට යෑම සදහා වාහනයක් සොයන බවත්ය. එම ඔත්තුවට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය විසින් මෙම සැකකරු අතඩංගුවට ගෙන ඇත.
කළුතර ටිහාරාගේ මරණයේ සැකකරු සොයාගෙන ඇත්තේ ටැටූ එකෙන්
2023-05-10T03:07:00+05:30
Gossip Lanka Hot News





