gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුකාරවරු පත්කිරීම පිටුපස ඇති ආණ්ඩුවේ කුමන්ත්‍රණය වහා හෙළිකරන්න! අස්ගිරි නියෝජ්‍ය ලේඛකාධිකාරි හිමියෝ කියති!

ජාතීවාදී උන්මන්තක දෙමළ දේශපාලකයන් සහ අන්තවාදී කණ්ඩායම් උතුරු – නැගෙනහිර පූජනීය ස්ථානවලට එරෙහිව විරෝධයක් එල්ල කරමින් සිටින බව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේල මෙය ජාතිවාදී ගැටුමක් ඇතිකර ගැනීම සඳහා සැලසුම් සහගතව සිදුකරන ක්‍රියාවලියක් බවය.

මෑත කාලයේ උතුරැ නැගෙනහිර පුරාවිද්‍යාත්මක ස්ථානවලට මෙන්ම බෞද්ධ සිද්ධස්ථාවලට බරපතළ විදිහේ විරෝධතා මතුවෙමින් පවතින බව පේනවාග ජාතිවාදී උන්මත්තයෙන් පෙළෙන ඇතැම් දේශපාලකයින් සහ ඒ අන්තවාදී සංවිධාන විසින් මේ ස්ථානවලට ඉතාම සැලසුම් සහගත ලෙස විරෝධය ඉදිරිපත් කරන්නේ ජාතිවාදී සහ ආගම්වාදී අර්බුදයක් රට තුළ ඇති කිරීමේ අභිලාෂයෙන්ද කියන එක බරපතළ සැකයක් මේ රටේ මැදිහත් සියලු ජනතාව තුළ ඇති වෙමින් තිබෙනවා.

ආසන්නතම සිද්ධිය තමයි සියම් ජාතික භික්ෂූන් වහන්සේලා කිහිපනමක් සහ බෞද්ධ දූත පිරිසක් ත්‍රිකුණාමලයට ගොඩබැස්ස වෙලාවේ එදා වසර 270කට එහා මේ ලාංකීය ප්‍රභූන් මුණගැහුණු ඵෙතිහාසික ස්ථානය. මේ දෙමළ ජාතිවාදී සංවිධාන ඇතැම් විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම් මේ ස්ථානයට ඇවිල්ලා බරපතළ විරෝධයක් ඉදිරිපත් කරලා තිබුණා. මේ තත්ත්වය තවදුරටත් රජයක් හැටියට මැඩපැවැත්වීමට කටයුතු නොකරයි නම් රට තුළ බරපතළ ආගමික සහ වෙනත් ජාතික අර්බුදයක් නිර්මාණය වීම වළක්වන් පුළුවන් කමක් නෑ.,

වත්මන් ආණ්ඩුව ද මේ පිළිබඳ අවධානයකින් තොරව කටයුතු කරමින් සිටින බව නාරම්පනාවේ ආනන්ද හිමියෝ තවදුරටත් පෙන්වාදෙති.

අද වර්තමාන රජයේ කිසිදු කෙනෙක් මේ ප්‍රශ්නය ගැන කතා කරන්නේ නෑ. අපිට පේනවා වත්මන් රජය ආණ්ඩුකාරවරු පත්කිරීමේදී පවා සිංහල බෞද්ධ ජනතාවට අගතියක් වෙන විදියට තමයි වර්තමානයේ කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා උතුර – නැගෙනහිර ඒ බෞද්ධ උරුමය ආරක්ෂා වෙන්න ඕනේ. ඒ වගේම රට පුරා බෞද්ධ ආගමිකයින්ට විතරක් නෙමේ සියලු දෙනාට ආගමික වශයෙන් සහජීවනයෙන් කටයුුතු කරන්න නම් මෙවැනි ආන්තවාදී සංවිධාන වගේම මූලධර්මවාදී ආගමික කණ්ඩායම් මැඩපවත්වමින් ඔවුන් සම්බන්ධයෙන් බරපතළ විදියට නීතිය ක්‍රියාත්මක කරමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අපි රජයට දැඩි ලෙස අවධාරණය කරමින් මතක් කරන්නට කැමතියි. එහෙම් නැතිනම් මේ යන පසුබිමත් එක්ක මේ රටේ සිංහල බෞද්ධ ජනතාව මීට විරුද්ධව සංවිධානය වෙලා නැගී සිටිනවා. එවන් දවසක ඒ ඇති වෙන අර්බුදය සම්බන්ධයෙන් යම් කිසි ගැටලුවක් ඇති වුනොත් වත්මන් රජය ඒකට අනිවාර්යයෙන් වගකියන්න වෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka