දේශපාලන චරිත අතර රනිල් ඉදිරියෙන් – පක්ෂ අතරින් මාලිමාවට මුල්තැන – නවතම වාර්තාවක් හෙළි කරයි
මෙරට දේශපාලන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සිදු කළ නවතම සමීක්ෂණයක් මඟින් මෙරට ජනප්‍රියතම දේශපාලන චරිතය ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියෙන් සිටින බව අනාවරණ කර තිබෙනවා.ඒ මනාප ප්‍රතිශතය 33%ක් ලෙස ලබා ගනිමින්.දෙවන ස්ථානයට අනුර කුමාර දිසානායක මහතා පත් ව ඇත්තේ මනාප ප්‍රතිශතය 16%ක් ලබා ගනිමින් ය.12%ක මනාප ප්‍රතිශතයක් ලබා ගනිමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම ලැයිස්තුවේ 03වන තැනට පත්ව තිබේ.
කෙසේ වෙතත් එම සමීක්ෂණය අනුව දේශපාලන පක්ෂ අතරින් ඉදිරියෙන් සිටින්නේ ජාතික ජන බලවේගයයි.ඒ 21%ක මනාප ප්‍රතිශතයක් ලබා ගනිමින්ය.පක්ෂ අතරින් දෙවන ස්ථානය සමගි ජන බලවේගයට හිමිව ඇති අතර ලැබී ඇති මනාප ප්‍රතිශතය 17%ක්.පොහොට්ටුවට 15%ක මනාප ප්‍රතිශතයක් ද හිමි ව තිබේ.එක්සත් ජාතික පක්ෂයට 11%ක්,හෙලිකොප්ටරයට 5%ක් සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට 4%ක මනාප ප්‍රතිශතයක් ලැබී ඇති බව මෙම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.
මේ අතර තවමත් පක්ෂයක් තීරණය කර නොමැති පිරිස 24%ක් ද බව ඔවුන් පෙන්වා සිටී.
කෙසේ වෙතත් එම සමීක්ෂණය අනුව දේශපාලන පක්ෂ අතරින් ඉදිරියෙන් සිටින්නේ ජාතික ජන බලවේගයයි.ඒ 21%ක මනාප ප්‍රතිශතයක් ලබා ගනිමින්ය.පක්ෂ අතරින් දෙවන ස්ථානය සමගි ජන බලවේගයට හිමිව ඇති අතර ලැබී ඇති මනාප ප්‍රතිශතය 17%ක්.පොහොට්ටුවට 15%ක මනාප ප්‍රතිශතයක් ද හිමි ව තිබේ.එක්සත් ජාතික පක්ෂයට 11%ක්,හෙලිකොප්ටරයට 5%ක් සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට 4%ක මනාප ප්‍රතිශතයක් ලැබී ඇති බව මෙම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.
මේ අතර තවමත් පක්ෂයක් තීරණය කර නොමැති පිරිස 24%ක් ද බව ඔවුන් පෙන්වා සිටී.
දේශපාලන චරිත අතර රනිල් ඉදිරියෙන් – පක්ෂ අතරින් මාලිමාවට මුල්තැන – නවතම වාර්තාවක් හෙළි කරයි
2023-05-03T09:10:00+05:30
Lanka Hot News