සිසුවියන් 16 දෙනෙකු අපයෝජනය කළ ගුරුවරයා අත්අඩංගුවට.. අතවරවලට ලක්වූවන් අතර පොලිස් නිලධාරිනියකගේ දියණියක්..
සිසුවියන් 16 දෙනෙකු අපයෝජනය කළ බව කියන කළුතර උපකාරක පන්ති ගුරුවරයා අද (11) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ පලාගොස් සිටි මොහු, කළුතර ප්‍රදේශයේ දීම අත්අඩංගුවට ගත් බවයි.
තවද 30 හැවිරිදි ඔහු උපකාරක පන්ති ගණිත ගුරුවරයෙකු වන බවයි වාර්තා වෙන්නේ.
සැකකරු විවාහකයෙකු වන අතර ඔහුගේ බිරිඳ ද ඔහුට එරෙහිව පොලීසියට පැමිණිලි කර තිබුණා.
අතවරවලට ලක්වූවන් අතර කළුතර කොට්ඨාසයේ පොලිස් ස්ථානයක නිලධාරිනියකගේ දියණියක් ද සිටින බව සඳහන්.
එමෙන්ම සැකකරු දැරියන්ට ලිංගික අතවර කිරීම් සිදුකරන අතරතුර සිදුකළ වීඩියෝ පටිගත කිරීම් 16ක් සම්බන්ධයෙන් අනාවරණය වන බවත් ඒවා නිරීක්ෂණය කරමින් අගතියටපත් දැරියන් සොයා ඉදිරි විමර්ශන සිදුකරන බවත් කළුතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය පවසනවා.
කළුතර උතුර ගාලුපාරේ පෞද්ගලික පංති පවත්වන සැකකාර ගුරුවරයා කුඩා කණ්ඩායම් වශයෙන් වෙනත් ස්ථානවල පංති පවත්වා ඇති අතර එහි දැරියන් ද අපයෝජනයට ලක්කර ඇද්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
සිසුවියන් 16 දෙනෙකු අපයෝජනය කළ ගුරුවරයා අත්අඩංගුවට.. අතවරවලට ලක්වූවන් අතර පොලිස් නිලධාරිනියකගේ දියණියක්..
2023-05-11T10:39:00+05:30
Gossip Lanka Hot News





