මුදල් කමිටුවේ සභාපති ධූරයට ආචාර්ය හර්ෂ ද සිල්වා පත් කරන ලෙස ජනාධිපතිවරයාත් උපදෙස් ලබා දී තිබිය දී හත් වැනි වතාවටත් ඔහුගේ නම මුදල් කමිටුවේ දී අද (24) ප්‍රතික්ෂේප වුන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
ඔහු පැවසුවේ පෙරේදා සභානායකවරයා සහ අගමැතිවරයා ඉදිරියේ දී මුදල් කමිටු සභාපති ධූරයට හර්ෂ ද සිල්වා පත් කරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දුන් බවය.
“අද මුදල් කමිටුව රැස් වුනා. අපි යෝජනා කළා හර්ෂ ද සිල්වාගේ නම . අපි හිතුවා මේ ප්‍රශ්නය අදින් අවසන් වෙයි කියලා. මොකද පෙරෙයිදා ජනාධිපතිතුමයි, සභා නායක තුමයි අගමැති තුමයි හර්ෂ ද සිල්වා මැතිතුමා සහ කබීර් හෂීම් මැතිතුමයි ජනාධිපතිතුමා හමුවුනා.”
“ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වා ගරු අගමැති තුමාට හර්ෂ ද සිල්වාට මුදල් කමිටුවෙ සභාපතිකම දෙන්න කියලා.”
“අද හම්බවුනාම තේරීම් කාරක සභාව කිව්වා හර්ෂට සභාපතිකම දෙන්න බෑ කියලා. මේ තේරීම්කාරක සභාව මේ වෙනුවෙන් රැස්වුන හත් වෙනි වතාව. “
“පාර්ලිමේන්තුව විහිළුවක් වෙලා. ජනාධිපතිවරයා කියන දේ වත් අහන්නේ නැති පාර්ලිමේන්තුවක් තියෙන්නේ. විපක්ෂය කියන එක අහන්නෙත් නෑ. ස්ථාවර නියෝග අනුව මේක විපක්ෂයට අයිතියි. මෙහෙම පාර්ලිමේන්තුවක් කරගෙන යන්න පුලුවන් ද?”
ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පැවසුවේය. ඊට පිළිතුරු දෙමින් අගමැති දිනේෂ් ගුණවර්ධන පැවසුවේ තමන් තේරීම් කාරක සභාවේ සාමාජිකයෙක් නොවන බවත් අවශ්‍ය පියවර තමන් ගන්නා බවත්ය.