gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ආණ්ඩුවට පනින SJB මන්ත‍්‍රීවරයෙකුට කෝටි විස්සක්..

ආණ්ඩුවට එක් වීම සඳහා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ට රුපියල් කෝටි 20 බැගින් මුදල් ලබාදීමට යෝජනා වෙමින් ඇතැයි සමගි ජන බලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි. සමගි ජනබලවේගයේ විස්සක් ආණ්ඩුවට එක්වන බවටත් හතළිහක් ආණ්ඩුවට එක්වන බවට වත් විවිධ ආකාරයේ මාධ්‍ය වාර්තා පළ වන නමුත් සමගි ජනබලවේගයේ කිසිම මන්ත්‍රීවරයෙක් වත්මන් ආණ්ඩුවට එක් නොවන බවද හෙතෙම පැවසීය.
කෙසේ මාධ්‍ය වාර්තා පල වුවද සැබැවින්ම සිදු වී ඇත්තේ ආණ්ඩුවේ විශාල පිරිසක් දැනටමත් විපක්ෂයට එක් වී සිටීම බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ජන හමුවක් අමතමින් කියා සිටියේ සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක් වන බවට සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන ව්‍යාජ පුවත් නිර්මාණය කරමින් ඇති බවයි.

ආණ්ඩුවට එක්වන මන්ත්‍රීවරයෙකුට රුපියල් කෝටි 20 ක මුදලක් ලබා දීමට දී දීමට උත්සාහ කරමින් සිටින බවද පැවසූ ඔහු තම පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු මුදල් ගෙන ආණ්ඩුවට එක්වීමට සූදානමක් නොමැති බව කියා සිටියේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka