gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මෙහෙම රටක ඉන්නවට වඩා හොඳයි බෝට්ටුවකින් හරි පැනලා යනවා - මහින්ද දේශප්‍රිය

‘අපේ රටේ කාලා ඇඳලා ඉන්න මැතිවරණයක් ඕනෑ නෑ කියා කියනවානම් මෙහෙම රටක ඉන්නවට වඩා හොඳයි බෝට්ටුවකින් හරි පැනලා යනවා’ යැයි පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

නව සීමා නිර්ණ වාර්තාව බාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

නව සීමා නිර්ඛ අනුව පළාත් පාලන ආයතන සභිකයින් 4714 දෙනෙකු තෝරා ගැනීමට නියමිත අතර දැනට එම සංඛ්‍යාව 8356ක් වන අතර මෙම ගණන ඉදිරියේ දී වෙනස් විය හැකි බවත් ඊට හේතු වී ඇත්තේ තේරී පත් වන අපේක්ෂකයන් ගණන මැතිවරණ කොමිසන් සභාව විසින් තීරණය කරන නිසා බවත් හෙතෙම කීය.

මෙම සීමා නිර්ණ වාර්තා මඟින් දැනට නාම යෝජනා භාරදී ඇති පළාත් පාලන මැතිවරණයට බාධාවක් සිදු නොවන බවත් මැතිවරණය පැවැත්වීම හෝ නොපැවත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සාකච්ඡා කර තීරණයක් ගත යුතු බවද හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් සැප්තැම්බර් 15 වනදාට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වනු ඇතැයි බලාපොරොත්තු වන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka