සාගර විරුද්ධයි කිව්වා! ප්‍රසන්න ඡන්දය දෙන්න කිව්වා! ලාබ ආයතනත් විකුණන්න යන IMF ගිවිසුමේ ඡන්ද විමසීමේදී රාජ්‍ය ආයතන රැකගත්ත මහින්දලා මොන වගේ තීන්දුවක් ගනීද?
ලබන සිකුරාදා පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය ආයතන ගිවිසුමට අදාළ ඡන්ද විමසීමේදී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොදුජන පෙරමුණ ගන්නා තීන්දුව පිළිබදව මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ සියල්ලන්ගේම අවධානය යොමුව තිබේ.
දැනටමත් පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රසිද්ධියේ සදහන් කොට තිබුණේ ගිවිසුමේ ඇතැම් වගන්තිවලට පොහොට්ටුව විරුද්ධ බවය.
එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා එදා සිටම රාජ්‍ය ආයතන ශක්තිමත් කළ නායකයකු ලෙස ප්‍රකටය.
එසේ තිබියදී පසුගිය සිකුරාදා දින ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පොහොට්ටුවේ සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දැනුම් දී තිබුණේ මූල්‍ය අරමුදලේ ගිවිසුමට ඡන්දය විමසන සිකුරාදා දින සියලු දෙනා පාර්ලිමේන්තුවට පැමිණීම අත්‍යවශ්‍ය බවත්, ඊට පක්ෂව ඡන්දය ලබා දිය යුතු බවත්ය.
එවැනි තත්ත්වයක් යටතේ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කුමන තීන්දුවක් ගනු ඇතිද යන්න සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතාබහක් මතුව තිබේ.
සාගර විරුද්ධයි කිව්වා! ප්‍රසන්න ඡන්දය දෙන්න කිව්වා! ලාබ ආයතනත් විකුණන්න යන IMF ගිවිසුමේ ඡන්ද විමසීමේදී රාජ්‍ය ආයතන රැකගත්ත මහින්දලා මොන වගේ තීන්දුවක් ගනීද?
2023-04-24T08:00:00+05:30
Gossip Lanka Hot News





