අලුත් දේශපාලන ගේම් එකක් ඇරඹෙයි! පොහොට්ටුවේ ප්‍රබලයෙක් හෙට ජනාධිපති හමුවෙයි! EXCLUSIVE
හෙට දිනයේ දේශපාලන ක්ෂේත්‍රයේ අතිවිශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව ඇති බව ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් මව්රටට දැනගන්නට ලැබී තිබේ.
පසුගිය දිනකදී මෙම පොහොට්ටු ප්‍රබලයා විසින් කළ ඉල්ලීමකට අනුව මෙම විශේෂ හමුව පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අප පසුගිය සති කිහිපයේදීම මව්රට ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ හෙළිදරව් කිරීම් සිදු කරමින් ඉදිරි දින කිහිපය ඇතුළත නව දේශපාලන මෙහෙයුමක් ආරම්භ වීමට නියමිතව ඇති බව අනාවරණය කර සිටියෙමු.
අප කළ අනාවරණයන් තහවුරු කරමින් හෙට දින පැවැත්වෙන්නේ එහි පළමු හමුවය.
මෙම හමුවේදී පොහොට්ටු ප්‍රබලයා විසින් විශේෂ ඉල්ලීමක් නිල වශයෙන් ජනාධිපතිවරයාට දැනුම් දීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.
ඊට ජනාධිපතිවරයාගෙන් ලැබෙන ප්‍රතිචාරයට අනුව පොහොට්ටු ප්‍රබලයා විසින් ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග ගැනීම නියමිතව ඇති බවද වාර්තා වේ.
අලුත් දේශපාලන ගේම් එකක් ඇරඹෙයි! පොහොට්ටුවේ ප්‍රබලයෙක් හෙට ජනාධිපති හමුවෙයි! EXCLUSIVE
2023-04-17T13:24:00+05:30
Gossip Lanka Hot News






