ආණ්ඩුවේ සොරකම් පියවන්න EPF, ETF ගන්න හදන්නේ.. බැංකු පද්දතියම අවදානමේ…
ආණ්ඩුවේ සොරකම් පියවා ගැනීම සඳහා වූවක් EPF ETF අරමුදල් යොදා ගන්නා තත්ත්වයක් උදාවී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. එම අරමුදල්වලින් රජය ලබාගෙන ඇති රුපියල් ට්‍රිලියන තුනකට අධික ණය කප්පාදු කිරීමට යාමෙන් මෙම තත්ත්වය උදාවී ඇතැයිද හෙතෙම කියා සිටියි.
දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීම හරහා රජයට ණය ලබාදී තිබෙන ප්‍රධානතම පාර්ශවකරුවන් වන මහ බැංකුව, මහජන බැංකුව, ලංකා බැංකුව ඇතුළු මූල්‍ය සමාගම් හා සේවක අර්ථ සාධක අරමුදල් වල ණය ප්‍රතිව්‍යුගත කිරීමට සූදානම් වන බව ද හෙතෙම පෙන්වා දෙයි.
මෙම ණය ප්‍රතිව්‍යුහගත කරණය කිරීමේ කටයුතු අනුව දේශීය බැංකු පද්ධතිය සැලකිය යුතු අවදානමකට ලක්වන බවද පැවසූ ඔහු වාණිජ බැංකු හා මූල්‍ය සමාගම් වලටද අඳුරු ප්‍රතිවිපාක ඇති වනු ඇති බවද කියා සිටියේය.
ආණ්ඩුවේ සොරකම් පියවන්න EPF, ETF ගන්න හදන්නේ.. බැංකු පද්දතියම අවදානමේ…
2023-04-15T17:32:00+05:30
Gossip Lanka Hot News






