පාසල් සිසුන් සීසන් එකට යනවානම් රැවුල වවන්න, කොන්ඩ කලර් කරන්න බැහැ – දඹුල්ල ඩිපෝ කළමණාකරුගෙන් නීතියක්
පාසල් වාර ප්‍රවේශ පත්‍රය ලබා ගෙන ලංගම බස් රථවල ගමන් කරන පාසල් සිසුන් රැවුල වැවීම, කොණ්ඩය වර්ණ ගැන්වීම ආදී විලාසිතාවලින් වැළකී සිටිය යුතු බව දඹුල්ල ඩිපෝවේ කළමනාකරු ප්‍රකාශ කර තිබෙනවා.
ඒ ඩිපෝව තුළ, පාසල් වාර ප්‍රවේශ පත්‍රය ලබා දෙන ස්ථානයේ දැන්වීමක් ප්‍රදර්ශනය කරමින්.
එලෙස රැවුල වැවීම, කොණ්ඩය වර්ණ ගැන්වීම ආදී විලාසිතාවලින් සැරසී පාසල් වාර ප්‍රවේශ පත්‍රය යටතේ ලංගම බස් රථයක ගමන් ගන්නේ නම් අදාළ පාසල් වාර ප්‍රවේශ පත්‍රය අත්අඩංගුවට ගැනීමට කොන්දොස්තරවරයාට බලය පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
ඒ ආකාරයට ගමන් කරන සිසුවෙකුගේ පාසල් වාර ප්‍රවේශ පත්‍රය කොන්දොස්තර විසින් ලබා ගතහොත් අදාළ ළමුන් බස් රථයේ ගමන් කිරීමට නම් ප්‍රවේශ පත්‍රයක් ලබා ගත යුතු වනවා.
එසේ නොකර ගමන් ගන්නා සිසුන් ජංගම පරීක්ෂක කණ්ඩායම්වලට හසු වුවහොත් දඩ මුදල් ගෙවීමට ද සිදුවන බවයි ඩිපෝ කළමනාකරු ප්‍රකාශ කර ඇත්තේ.
මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් විමසීමක් කළ අතර, ඔහු සඳහන් කළේ පාසල් වයසේ නොවන පිරිස්, පාසල් වාර ප්‍රවේශ පත්‍ර ලබාගෙන ලංගම බස් රථවල ගමන් කරන අවස්ථා පවතින බැවින් ඒවා අවම කිරීමට මෙවැනි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
දඹුල්ල ඩිපෝ කළමනාකරු නිකුත් කර තිබූ නිවේදනය පහතින්.
පාසල් සිසුන් සීසන් එකට යනවානම් රැවුල වවන්න, කොන්ඩ කලර් කරන්න බැහැ – දඹුල්ල ඩිපෝ කළමණාකරුගෙන් නීතියක්
2023-04-24T20:27:00+05:30
Gossip Lanka Hot News






