gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දස හැවිරිදි දියණියක් අවුරුදු හතරක් තිස්සේ අපයෝජනය කළ සීයා බාප්පා සහ සහෝදරයා අත් අඩංගුවට…

වවුනියාවේ තාණ්ඩික්කුලම ප්‍රදේශයේ දස හැවිරිදි දැරියකට වසර හතරක් තිස්සේ බලහත්කාරයෙන් ලිංගික අතවර කරණ ලද බව කියන එම දැරියගේ බාප්පා සහෝදරයා හා  53 හවිරිදි ඥාතී සීයා කෙනෙකු  වවුනියාව පොලීසිය විසින්  ඊයේ (1 )   අත් අඩංගුවට ගෙන තිබේ.
වසර හතරක් තිස්සේ ලිංගික අතවරවලට ලක් වූ මෙම පාසල් දැරිය දැනට නගරයේ පාසලක  පස්වන ශ්‍රේණියේ ඉගෙණුම ලබන අතර ඇය සිය පාසල් මිතුරියට තමන්ට විදීමට සිදුව ඇති ලිංගික අතවර ගැන ප්‍රකාශ කොට තිබේ.

මේ අවස්ථාවේදී ඇය හඩමින් සිටි නිසා පන්ති බාර ගුරුතුමිය ඇයගෙන් ඊට හේතුව විමසා සිටි අවස්ථාවේදී දැරිය වසර හතරක් තිස්සේ තමන්ට විදීමට සිදුව ඇති ලිංගික අතවරයන් ගැන පන්ති බාර ගුරුතුමියට පවසා ඇත.

පසුව ගුරුවරිය මේ සිද්ධිය  සම්බන්ධයෙන් වවුනියාව පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට විස්තර ඉදිරිපත් කිරීමෙන් පසුව පොලීසිය  එම දැරියගේ බාප්පා සහෝදරයා හා 53 හැවිරිදි ඥාතී සීයා අත් අඩංගුවට ගෙන තිබේ.

දැරියගේ මවගේ පලමු විවාහයේ වැඩිමල් පිරිමි දරුවාත්  දැරියත් සහෝදර සහෝදරියන් වන අතර දෙවන වරට විවාහ වී සිටින පුද්ගලයා බාප්පා වෙයි. ඔහුගේ පවුලේ ඥාතියෙකු වන 53 හැවිරිදි සීයාද මෙම  ලිංගික අතවර සිද්ධියේ සැකකරුවකු වෙයි.

සැකකරුවන් වවුනියාව මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව 11 වෙනිදා  දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසත් දැරිය  වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් වාර්තාවක් ලබා ගෙන එම වාර්තාව  අධිකරණයට ඉදිරිපත් කරණ ලෙසත් පොලීසියට නියෝග කොට ඇත

-දිනසේන රතුගමගේ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka