gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාව සුපිරි පන්දුවාරයෙන් තරගය ජය ගනියි; තරගයේ වීරයා චරිත්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකාව සතුවිය. එහි ජය සුපිර පන්දුවාරයෙන් තීන්දු වූ අතර තරග 03කින් සමන්විත පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (02) මෙරට වේලාවෙන් පෙරවරු 6.30ට නවසීලන්තයේ ඔක්ලන්ඩ් හිදී ආරම්භ විය.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායමේ නායක ටොම් ලේතම් (Tom Latham) ඇරයුම අනුව පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව හිමිවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට යි.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 196ක් රැස් කළේය.

කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නොදැවී ලකුණු 53ක් චරිත් අසලංක පන්දු 41කට මුහුණ දෙමින් ලකුණු 67ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 25ක් රැස්කළේය.

තරගය ජය ගැනීම සඳහා නවසීලන්ත කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 197කි. 

ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු 196ක් ලබා ගත්තා. 

ලකුණු සම වීමක් හේතුවෙන් සුපිරි පන්දුවාරයක් තීරණය විය.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායමෙන් පිටියට පිවිසියේ ටොම් ලේතම් (Tom Latham) සමගින් ඩැරිල් මිචෙල් (Daryl Mitchell) යි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපර් ඕවරයේ පන්දු යැවීමේ වගකීම හිමිවූයේ දඟ පන්දු ක්‍රීඩක මහීෂ් තීක්ෂණ හටයි.

මහීෂ් තීක්ෂණ ගේ දඟ පන්දු හමුවේ ටොම් ලැතම් ලකුණු 02ක් ද ඉන් පසුව පිටියට පිවිසි චැප්මන් සමග එක් වූ මිචෙල්  ගේ ලකුණු 06 ත් සමග ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය පන්දු 06කට ලකුණු 09ක ඉලක්කයකුයි.

පන්දු 06කට ලකුණු 09ක් රැස් කිරීමේ භාරදූර වගකීම ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමිවූයේ කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක වෙතයි.පන්දු යැවීම් හිමි වූයේ ඇඩම් මිල්න් (Adam Milne) වෙතයි.

ඒ අනුව සුපිරි පන්දු වාරයේ දෙවැනි පන්දුවේ දී අකලංකගෙන් නවසීලන්තයට එදිරිව එල්ල වුයේ දැවැන්ත හයේ පහරත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ජය තමන් සතු කර ගන්නා ලදී. 

තරගයේ වීරයා වූයේ චරිත් අසලංක යි.

නවසීලන්ත කණ්ඩායම ටොම් ලේතම් (Tom Latham) ගේ නායකත්වය යටතේ පිළිවෙළින් චැඩ් බෝව්ස් (Chad Bowes),ටිම් සෙයිෆර්ට්(Tim Seifert), ඩැරල් මිචෙල්(Daryl Mitchell), මාර්ක් චැප්මන්(Mark Chapan),ජේම්ස් නීෂම්(James Neesham),රචින් රවීන්ද්‍ (Rachin Ravindra),ඇඩම් මිල්න්(Adam Milne),හෙන්රි ෂිප්ලි(Henry Shipley),ඉෂ් සෝදි(Ish Sodhi),බෙන් ලිස්ටර්(Ben Lister) තරගය නියෝජනය කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම නායක දසුන්ගේ නායකත්වය යටතේ කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, චරිත් අසලංක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, දිල්ෂාන් මධුෂංක, ප්‍රමෝද් මධුෂාන් තරගය නියෝජනය කරයි.දීර්ඝ් කාලයක් ආබායකට ලක්ව සිටි කුසල් ජනිත් පෙරේරා සැත්කමෙන් පසුව එක්වන පළමු T20 තරගය ද අදයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka