හිසතෙල් ගෑමේ චාරිත්‍රය අදයි
සිංහල - දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබේ. රතු හා කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත්ද පයට නුග පත් ද ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම සුදුසු බව ජ්‍යෝතිශයේ සඳහන් වේ.
රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකක යෙදී ඇත්තේ හෙට (17) උදෑසන 6.28 ටයි.
සුදු පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී දී කිරි මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව ලබා රැකී රක්ෂා සඳහා පිටත්ව යාම සුදුසු බව ජ්‍යෝතිෂයේ සඳහන් වේ.
හිසතෙල් ගෑමේ චාරිත්‍රය අදයි
2023-04-16T08:46:00+05:30
Gossip Lanka Hot News






