ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදෙන්නේ කුමන කොන්දේසි පදනම් කරගෙනදැයි තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවී සාකච්ඡා කරන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දකුණු ආසියා කලාපීය අධ්‍යක්ෂ යාමිනී මිශ්‍රා මහත්මිය පවසනවා.
මෙරට පුවත්පතකට අදහස් දක්වමින් මිෂ්රා කියා සිටින්නේ ගෝලීය මානව හිමිකම් සංවිධානයේ ස්ථාවරය පැහැදිලි කරන අතරම ශ්‍රී ලංකා රජය සමඟ IMF එකඟතාව වඩා හොඳින් අවබෝධ කරගැනීමට තම සංවිධානය අපේක්ෂා කරන බවයි.
ආර්ථික අර්බුදකාරී කාලවලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබූ රටවල මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් තම ආයතනය කනස්සල්ල ප්‍රකාශ කරන බවද ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් පවසනවා.
එම ආයතනය ශ්‍රී ලංකාව සමඟ පවත්වන සාකච්ඡාවලදී ආර්ථික, සමාජීය, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රමුඛත්වය දෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටින බවත් මිෂ්රා පවසනවා.
ඇය වැඩිදුරටත් පවසන්නේ කුමන ගනුදෙනුවක් සාකච්ඡා කළත්, එය ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ සහතික කර ඇති ආරක්‍ෂාවන්ට අනුගත විය යුතු බවයි.
dasathalankanews