ඇමරිකාව සතුව තිබූ ඉතා රහසිගත හමුදා ලේඛන කාන්දු කළ බවට සැක පිට ජැක් ටෙක්සෙයිරා නැමැති21 හැවිරිදි තරුණ ඇමරිකානු ජාතික ආරක්ෂක භටයෙක් අත්අඩංගුට ගැනීමට ඊයේ (13) ඇමරිකානු ආරක්ෂක අංශ කටයුතු කළේය.
හෙලිකොප්ටර්වල සිටි ප්‍රවෘත්ති කාර්ය මණ්ඩලය මැසචුසෙට්ස්හිදී ඔහු අත්අඩංගුවට ගන්නා ආකාරය රූගත කර තිබිණි. තරුණ ආරක්ෂකයා ටී-ෂර්ට් එකක් සහ කොට කලිසමක් ඇඳ සිටි අතර දැඩි ලෙස සන්නද්ධ උපායශීලී නියෝජිතයෝ ඔහුව අත්අඩංගුවට ගත්හ.
ජැක් ටෙක්සෙයිරා හමුදා සන්නිවේදන ජාල ආරක්ෂා කිරීම සඳහා වගකිව යුතු තොරතුරු තාක්ෂණ විශේෂඥයෙකු ලෙස සේවය කර ඇත.
ඔහු විසින් පිට කරන ලද රහසිගත ලේඛනවලට යුක්‍රේන දුර්වලතා සහ හමුදා ස්ථාන සිතියම්ගත කිරීමේ කෙටි විස්තර මෙන්ම ව්ලැඩිමීර් පුටින් න්‍යෂ්ටික අවි භාවිතා කළ හැකි අවස්ථා පිළිබඳ තොරතුරු ද ඇතුළත් වී තිබේ.
2010 දී විකිලීක්ස් හි ලේඛන, වීඩියෝ සහ රාජ්‍ය තාන්ත්‍රික කේබල් 700,000 ක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඇති වූ බරපතලම ආරක්ෂක දෙදරායෑම යැයි විශ්වාස කෙරෙන මෙම දත්ත ගොනු අතර ඊශ්‍රායලය, දකුණු කොරියාව සහ තුර්කිය ඇතුළු මිත්‍ර රටවල් පිළිබඳ තොරතුරු ද ඇතුළත් වී ඇත.
මෙම 21 හැවිරිදි තරුණයා මෙම දත්ත ගොනු වෙත ප්‍රවේශවීම ඇමරිකාවේ වඩාත් සංවේදී රහස් ආරක්ෂා කිරීමට ඇති හැකියාව ප්‍රබල ලෙස ප්‍රශ්න කරමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර ස්වකීය සමස්ථ ආරක්ෂක පියවර දැඩි කිරීමට පෙන්ටගනය ප්‍රතිඥා දී තිබේ.
මෙම රහස්‍ය ලේඛණ කාන්දුවීම “ජාතික ආරක්ෂාවට ඉතා බරපතල අවදානමක්” බවත් ජැක් ටෙක්සෙයිරා වැනි තරුණ, ආධුනික පහළ ශ්‍රේණියේ සාමාජිකයෙකුට මෙම ලිපිගොනු වෙත ප්‍රවේ වූයේ කෙසේ දැයි පැහැදිලි කිරීමට නිලධාරීන්ට බලපෑම් එල්ල වෙමින් ඇති බවත් වාර්තා වේ.
ඇමරිකානු ඔත්තු සේවා කමිටුවේ රිපබ්ලිකන් සභාපති මයික් ටර්නර්, මෙය සිදු වූයේ ඇයි, සති ගණනාවක් තිස්සේ අවධානයට ලක් නොවූයේ මන්ද?, සහ අනාගත කාන්දුවීම් වළක්වා ගන්නේ කෙසේද යන්න පරීක්ෂා කිරීමටප්‍රතිඥා දී ඇත.
මෙම රහස්‍ය තොරතුරු බෙදා හැරීම “හිතාමතා සිදුකළ සාපරාධී ක්‍රියාවක්” ලෙස පෙන්ටගනය විසින් හඳුන්වා තිබේ. මේ වනවිට දත්ත ගොනු බෙදී ගිය ආකාරය ගැන පුලුල් හමුදා විමර්ශනයක‍් ඇරඹී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එෆ්බීඅයි පවසන්නේ පසුගිය සතියේ අග සිට එෆ්බීඅයි ආක්‍රමණශීලී ලෙස විමර්ශන මෙහෙයවීම් සිදු කළ බවය. සැකකරු බ්‍රහස්පතින්දා අත්අඩංගුවට ගැනීම ඇමරිකාවේ විශ්වාසය පාවා දෙන සහ ජාතික ආරක්ෂාව අවදානමට ලක් කරන අය හඳුනා ගැනීම , ලුහුබැඳීම සහ වගවීම සඳහා එෆ්බීඅයි අඛණ්ඩ කැපවීම නිදර්ශනය කරන බව දන්වා ඇත.
ලැබෙන තොරතුරු අනුව ටෙක්සෙයිරාට හමුදා උසාවියේදී ද චෝදනා එල්ල විය හැකිය . එක් හිටපු අභිචෝදකයෙකු යෝජනා කර ඇත්තේ වරදකරු වුවහොත් ඔහුට වසර 10 ක් දක්වා සිරදඬුවම් නියම කළ හැකි බවය.
-lankasara