gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපතිට මේ වසර අග ජනාධිපතිවරණයක් කැඳවන්න බලයක් නෑ… හිටපු මැකෝ කියයි!

තමන්ගේ මතය අනුව වත්මන් ජනාධිපතිවයාට මේ වසර අග හදිසි ජනාධිපතිවරණයක්  පැවැත්විය නොහැකි බවත්, පවත්වනවා නම් එසේ ජනාධිපතිවරණයක්  පැවැත්විය හැක්කේ ලබන වසරේ අග භාගයේදී පමණක් බවත් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සඳහන් කරයි.
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව ජනාධිපතිවරයාට තම පළමු ධුර කාලය ආරම්භ වී වසර හතරක්‌ ඉක්ම ගිය පසු ඕනෑම මොහොතක අලුත් ජනවරමක්‌ ඉල්ලා ජනාධිපතිවරණයක්‌ ප්‍රකාශ කළ හැකිය.

වත්මන් ජනාධිපති ධූර කාලයෙන් වසර හතරක් සම්පූර්ණ වීමෙන් පසු මෙම වසර අගදී ජනාධිපතිවරණයක් පවත්වනු ඇති බවට අනුමාන කිරීමට මෙම ජනාධිපතිවරණ කතා බහ ඇතිවීමට හේතු වී තිබේ.

කෙසේ වෙතත්, වත්මන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් තේරී පත්වී ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   ඉල්ලා අස්වීමෙන් පසු දැනට පවතින ජනාධිපති ධුර කාලය අවසන් වනතුරු එම වගකීම දැරීම සඳහා පමණක් බව මහින්ද දේශප්‍රිය පෙන්වා දෙයි.

ඔහු ඩේලි මිරර් වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ   තේරී පත් වූ ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමෙන් පසු,  අනතුරුව  පත්වන ජනාධිපතිවරයාට ඉතිරි කාලය තුළ සේවය කිරීමට සිදුවන නමුත් ඔහුට මැතිවරණ ප්‍රකාශ කිරීමට අවකාශයක් නොමැති බවය.

“මගේ මතය අනුව ඔහුට හදිසි මැතිවරණයකට යන්න බැහැ. එසේ වුවද, වසර හතරකට පසු ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා  අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට   බලයක් ඇති බවට ඇතැම් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙ තර්කයක් තියනවා . නිවැරදි අර්ථකථනය ලබා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට යා යුතුයි.”  මහින්ද දේශප්‍රිය කීවේය.
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka