සරසවි සිසුන්ට ගහන්නේ ලංකාව වෙනත් රටක හමුදාවකටවත් ගහන්නේ නෑ කියලා සහතික වෙච්ච කඳුළු ගෑස්! කවුරුත් නොදත් රහසක් නීතීඥ සුරේන් පෙරේරා හෙළිකරයි! VIDEO
වෙනත් රටක හමුදාවකට හෝ එල්ල නොකරන බවට ශ්‍රී ලංකාව සහතික වී ඇති කඳුළු ගෑස් රටේ පුරවැසියන්ට එරෙහිව භාවිත කිරීම කණගාටුදායක බව නීතිඥ සුරේන් ඩී පෙරේරා BBC සිංහල සේවයට පැවසුවේය.
පොලීසිය කඳුළු ගෑස් එල්ල කිරීමට එරෙහිව දැනටමත් මානව කොමිසමට ද පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
ඉදිරියේදී ඊට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොලීසිය කල් ඉකුත් වී ඇති කඳුළු ගෑස් භාවිත කරන බවත්, ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදවලට පටහැනිව ඒවා භාවිත කරන බවත් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන පැවසුවේය.
BBC සිංහල සංදේශය
සරසවි සිසුන්ට ගහන්නේ ලංකාව වෙනත් රටක හමුදාවකටවත් ගහන්නේ නෑ කියලා සහතික වෙච්ච කඳුළු ගෑස්! කවුරුත් නොදත් රහසක් නීතීඥ සුරේන් පෙරේරා හෙළිකරයි! VIDEO
2023-03-12T19:48:00+05:30
Gossip Lanka Hot News