gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ලංකාවට ආ CIA ලොක්කා ගැන ගම්මන්පිල ගුවන් තොටෙන් තතු ඉල්ලයි

ශ්‍රී ලංකාවට පසුගිය මාසයේ පැමිණි ඇමෙරිකානු දූත පිරිස සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි හා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරීන් වෙත ලිපි යොමු කර ඇත.

මන්ත්‍රීවරයා තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම තොරතුරු ඉල්ලා ඇත.

ඇමෙරිකානු දූත පිරිසක් සී 17 – ග්ලෝබ්මාස්ටර් ගුවන් යානා දෙකකින් ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකානු දූත පිරිස නියෝජනය කළ අයගේ නම් මොනවාද?, එලෙස පැමිණි පිරිස අතර ඇමෙරිකානු එක්සත් ජනපදයේ මධ්‍යම බුද්ධි නියෝජිතායතනයේ අධ්‍යක්‍ෂ විලියම් බර්න්ස් සිටියේද? එකී පැමිණි පිරිසේ ගමන් බලපත්‍ර ආගමන විගමන නිලධාරීන් පරීක්‍ෂා කළේද?, එම බලපත්‍ර ආගමන විගමන නිලධාරීන් විසින් මුද්‍රා තැබුවේද?, ඔවුන්ගේ ගමන් මළු රේගු පරීක්‍ෂාවට ලක්කළාද?, ඔවුන් රට තුළට පැමිණියේ සාමාන්‍ය මගී පර්යන්තයෙන්ද? ප්‍රභූ පර්යන්තයෙන්ද? විශේෂ ප්‍රභූ පර්යන්තයෙන්ද?, එම පිරිස ආගමන විගමන නිලධාරීන්ගේ සහ රේගු නිලධාරීන්ගේ පරීක්‍ෂාවට ලක්නොකරන ලෙස යම් පුද්ගලයකු උපදෙස් දුන්නාද, එසේ නම් එම උපදෙස් දුන්නේ කවුද? යනුවෙන් ගම්මන්පිල මහතා තොරතුරු ඉල්ලා තිබේ.

ඔහු විසින් යොමුකළ තොරතුරු අයැදුම්පත පහත දැක්වේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka