gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විරෝධතාවලට පොලිසියෙන් ගහන කඳුළු ගෑස්වල සැර ජිනීවා නුවරටත් දැනෙයි! එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ‌කොමිසමෙන් ලංකාවට සැර නිවේදනයක් නිකුත් කරයි!

සාමාකාමී විරෝධතාවන්ට එරෙහිව රජය දක්වන දැඩි මර්දනකාරී ප්‍රතිචාරය තමන් හෙලා දකින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබදව කටයුතු කරන කණ්ඩායම [CORE GROUP] වෙනුවෙන් සයිමන් මෑන්ලි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා තිබේ.

සාමකාමී එක්රැස් වීමේ අයිතියත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් සුරක්ෂිත කරන ලෙස සංවිධානය ශ්‍රී ලංකා බළධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

සාමකාමී විරෝධතාවන්ට එරෙහිව දියත් කර තිබෙන ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් රජය වගවිය යුතු බව ඔවුන් පවසයි.

නීතියේ ආධිපත්‍යය සහ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය කටයුතු කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අවධාරණය කරයි.

රටවැසියන්ගේ විශ්වාසය තහවුරු කිරීම සදහා මැතිවරණ පැවැත්වීමේ වැදගත්කම පිළිබදව ද කොමිසම සිය නිවේදනයේ සදහන් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කරන කණ්ඩායමට ඇමරිකා එක්සත් රාජධානිය, මලාවි, කැනඩාව, මොන්ටිනීග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ එක්සත් ජනපදය යන රටවල් අයත් ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka