gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

STF 2ක් CID 4ක් හරක් කටා සහ කුඩු සළිඳු ගේන්න මැඩගස්කර් ගිහින්! බුද්ධි අංශ නිලධාරියා හැලිලා! එකම යානයක් දෙන්නවම ගේන්න අප්‍රිකානු ගුවන් සමාගමක් කැමැති වෙයි! CIDයෙන් පිටට ගෙන ප්‍රශ්න කරන්නත් දැනටම යෝජනාවක් ඇවිත්!

මැඩගස්කරයට පිටත්ව ගොස් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායම අද (13) හෝ හෙට (14) හරක් කටා සහ කුඩු සළිඳුව රැගෙන මෙරටට පැමිණීමට නියමිතය. පෙරේදා (11) පිටත්ව ගිය සිව් දෙනකුගෙන් සමන්විත මෙම පොලිස් කණ්ඩායම සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනකුගෙන් සමන්විත වන අතර, ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය නියෝජනය කරයි.

සෙසු නිලධාරීන් දෙදෙනාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් පොලිස් විශේෂ කාර්ය බළකායේත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ය.

විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම පාතාල අපරාධකරුවන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන විශේෂ කාර්ය බළකායේ විශේෂ කණ්ඩායමක් නියෝජනය කරන නිලධාරීන්ය.

මෙම කණ්ඩායමට රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියකුත් ඇතුළත් කිරීමට නියමිතව තිබී ඇත. එහෙත් අවසාන මොහොතේ ඔහුව මෙම ගමනට ඇතුළත්කරගෙන නැත. ඊට මුල්වී ඇත්තේ මූල්‍යමය ගැටලුවක් බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය. මැඩගස්කරය බලා මේ වන විට ගොස් සිටින මෙම කණ්ඩායම හරක් කටා සහ කුඩු සළිඳුව මෙරටට රැගෙන එන්නේ අදාළ ගුවන් සමාගම සමඟ යම් අවබෝධතාවකට එළඹීමකින් අනතුරුවය. එක් අපරාධකරුවෙක් වෙනුවෙන් ආරක්ෂක අංශ නිලධාරීන් තිදෙනෙක් අනිවාර්යෙන් අවශ්‍ය යැයි ගුවන් සමාගම් විසින් මෙයට පෙර කොන්දේසි පළකර තිබුණි. මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කළ සාකච්ඡාවකින් අනතුරුව එක් අපරාධකරුවකුට දෙදෙ‍ෙනක් බැගින් ආරක්ෂකයන් යොදවා මෙම අපරාධකරුවන් මෙරටට ගෙන ඒමට අවසානයේ දී එක් ගුවන් සමාගමක් එකඟ වී තිබේ. ඒ අප්‍රිකානු ගුවන් සමාගමක් විසිනි. ඒ අනුව මෙම අපරාධකරුවන් දෙදෙනාවම එකම ගුවන් යානයක නංවාගෙන මෙරටට රැගෙන ඒමට හැකියාව ලැබී ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

මෙම අපරාධකරුවන් දෙදෙනාව මෙරටට රැගෙන ආ පසු රඳවා ගැනීමේ නියෝගයක් ලබාගනිමින් දීර්ඝ ලෙස විමර්ශනයක් පැවැත්වීමට ද මේ වන විට පොලිස් බලධාරීන් තීරණයකර තිබේ. ඊට මුල්වී ඇත්තේ ඔවුන් මත්කුඩු ජාවාරම හා සම්බන්ධ වෙමින් ත්‍රස්ත සංවිධාන සමඟ අවි ගනු-දෙනුවල නිරතව සිට ඇති බවට ඇති තොරතුරුය. ඒ අනුව ඔවුන් දෙදෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන විමර්ශන පැවැත්වීමට නියමිතය. ඒ අතර මෙම අපරාධකරුවන් දෙදෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිට නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ අධීක්ෂණයෙන් විමර්ශන පැවැත්වීම සම්බන්ධයෙන්ද විවිධ පර්ශ්වවලින් යෝජනා පවා ඉදිරිපත්ව ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් අවසාන තීන්දුවක් පොලිස්පතිවරයා ගෙන නොමැති අතර ඒ ගැන ගැඹුරින් පොලිස්පතිවරයා සිතා බලනු ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

මැඩගස්කරයේ දී හරක් කටා සහ කුඩු සළිඳු සමඟ 08 දෙනෙක් අත්අඩංගුවට ගත්තද ඒ අයගෙන් රතු නිවේදන ඇත්තේ දෙදෙ‍ෙනක්ට වූ බැවින් මෙරටට මෙසේ භාර දෙනු ලබන්නේ ඔවුන් දෙදෙනාව පමණි. හරක් කටාත් කුඩු සළිඳුත් අත වූ විදෙස් ගමන් බලපත්‍රද ව්‍යාජ බව මේ වන විට තහවුරු වී තිබේ. ඒ බව මැඩගස්කර ආරක්ෂක අංශ විසින්ද මෙරටින් කරුණු විමසා තහවුරුකරගෙන ඇත. සෙසු සැකකරුවන් අතර හරක් කටාගේ බිරිය බව කියන විදේශික කතක් සහ ඇගේ පියා බව කියන පුද්ගලයෙක් සිටියි. ඒ දෙදෙනා හැරුණු කොට අත්අඩංගුවට ගත් සෙසු 06 දෙනාම ශ්‍රී ලංකිකයන් බව තහවුරු වී තිබේ. ඒ අය අතර සිටින හරක් කටා සහ කුඩු සළිදු හැරුණු කොට සෙසු සිව් දෙනාම නීත්‍යනුකූල විදෙස් ගමන් බලපත්‍රවලින් මැඩගස්කරයට ඇතුළු වී ඇති බැවින් සහ රතු නිවේදන ඔවුන්ට නොමැති බැවින් ඒ අය මෙරටට භාරදීමක් සිදුවන්නේ නැත.

එම සිව් දෙනා අතර පානදුරේ සුද්දා සහ තරංග යන පාතාල අපරාධකරුවන් දෙදෙනා ද සිටින බව පැහැදිලිවම හඳුනාගෙන තිබේ. කුඩු සළිඳු සහ හරක් කටා ශ්‍රී ලංකාවට භාර දීමෙන් පසු සෙසු සිව් දෙනා මැඩගස්කරය පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත්කර මෙරටට පිටුවහල් කිරීමට නියමිතව ඇති බව ද පොලිස් තොරතුරු සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ
-mawratanews
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka