gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ෆොන්සේකා සහභාගි වූ රැස්වීමක් උණුසුම් වෙයි – නිර්පාක්ෂික අරගලයේ පිරිසක් වේදිකාවට කඩා වැදී ෆොන්සේකාව ප්‍රශ්න කරයි (VIDEO)

“නිරායුධ නිර්පාක්ෂික අරගලය – ජනතා විප්ලවයක් කරා” යන තේමාව යටතේ ඊයේ පස්වරුවේ කොළඹ දී පැවති රැස්වීමකට විද්වතුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් මෙන්ම සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාද එක්ව කතාවක් පැවැත්වූවා.

එහිදී සරත් ෆොන්සේකා මහතා අදහස් දැක්වීමෙන් පසුව ඊට එක්ව සිටි පිරිසක් කියා සිටියේ මෙම වැඩසටහන පක්ෂයක්නියෝජනය කරමින් කටයුකු කරන ෆොන්සේකා මහතා සම්බන්ධවීම නිසා නිර්පාක්ෂික නොවන බවයි.

ඔවුන්ගෙන් පිරිසක් ඊට විරෝධය පළ කර තිබූ අතර ඔවුන්ටද සභාව ඇමතීමට අවස්ථාවක් ලබාදීමට සංවිධායකවරු පියවර ගත්තා.

කෙසේ වෙතත් උණුසුම් තත්වය පැහැදිලි කිරීම් වලින් පසුව යටපත් වුණා.

පසුගිය අරගල සමයේ සරත් ෆොන්සේකා මහතා බොහෝවිට තනිව ගොස් අරගල කරුවන් සමගපෙනී සිටියා සේම අරගලය මර්දනය කරද්දී පාර්ලිමේන්තුවේ ඒ වෙනුවෙන් හඩක්ද නැගූ පුද්ගලයකුද වුණා.

අදාළ සිදුවීමේ වීඩියෝව පහතින්,


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka