gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් ජනාධිපති කිරීම නිවැරදියි කියලා දැන් පේනවා... රට ඉතා හොද තැනකට දිනපතා ඉස්සි ඉස්සි එනවා - සනත් නිශාන්ත

සීයට තුනේ හාදයෝ ටික, මේ රටට කෙළවෙයන්, අරාජික වෙයන්, කන්න නැතිවෙයන්, බොන්න නැතිවෙයන්, ඩොලර් නැතිවෙයන්, පෝළිම් හැදියන් කියමින් තුන් තිස් පැය පුරා කන් කෙඳිරි ගගා ඉන්නා බවත් ඔවුන් එසේ කරන්නේ තමන්ගේ සීයට තුන තව ටිකක් උඩට උස්සා ගැනීමට බවත්, ඒ සදහා  මේ රටට කෙළවා දැමීම හැර වෙනත් විකල්පයක් නැති බවත් සිතමින්, ඉන්නේයැයි ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ජන හමුවකදී පවසා සිටියේය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු මෙන්ම පුත්තලම් දිස්ත්‍රික් මුස්ළිම් ප්‍රාදේශීය සංවිධායක වරයෙකුද වන ඒ. එච්. එම්. රියාස්, පුත්තලම් සදාසරණ දේවස්ථානයේ පියතුමන් සහ ගම්වාසීන්ගේ ඉල්ලීමකට අනුව, රුපියල් මිලියන දෙකහමාරකින් ඉදිකළ නැනෝ තාක්ෂණික ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතාවට පවරාදීම සදහා පැවති උත්සවයේදීය. මෙහිදී වැඩිදුරටත් කතාකළ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මෙසේද පැවසීය.

රට කන්න බලාගෙන ඉන්න හාදයන්ට ඒ තුන වැදගත් වුණාට, රජයක් හැටියට අපිට වැදගත් වෙන්නේ මේ අහිංසක ජනතාවට එදිනෙදා ජීවත්වෙන්න උදව් උපකාර ලබාදීම. එතකොට අර තුනේ හාදයො මොනවද කරන්නේ. අර රටේ ශ්‍රම හමුදාවෙන්  ඉහළ පඩියකට බදු ගෙවන සීයට පහකට ගහන බද්දට විරුද්ධව තමයි වැඩ වරවන්නේ.  හරියටම කිව්වොත් ලක්ෂ හතළිස් හතක ශ්‍රම බලකායෙන් එක් ලක්ෂ ගානකට ගහන බදුවලටයි මේ විරෝධය. මෙන්න මෙතනදි මේ හාදයෝ අපූරු දෙයක් කරනවා. ඒක තමයි අර බදුවලට විරුද්ධව එදා වේල කන්න කන්න නැති දුප්පත් මිනිහා පාරට බැස්සවීම. හැබැයි ඒ දුප්පත් මිනිහා දන්නෙ නෑ ඒ බදු මුදලින් සහන ලබා දෙන්නේ ඔවුන්ට කියලා.

ණය පෝලිමේ වැඩිකල් නොඉඳ අයි එම් එෆ් එක ණය ලැබීම ගැන අපි සතුටු වෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙ මැදිහත්වීම ඒකට හේතුවුණා. නමුත්, අපිට පොහොට්ටුවෙ මිනිසුන් හැටියට එක හිතේ අමාරුවක් තිබුණා, රනිල් වික්‍රමසිංහ මහත්තතයා රටේ ජනාධිපති කරන්න සිද්ධවීම ගැන. නමුත්, අද හිතෙනවා එදා ඒ ගත්තු තීරණය නිවැරදියි කියලා. අපේ හෘද සාක්ෂිය කියන්නේ, අද මේ රට ඉතා හොද ශක්තිමත් තැනකට දවස ගානේ ඉස්සි ඉස්සි යනවා කියලයි.


මේ තුනේ කට්ටිය දැනගත යුතුදෙය වෙන්නේ යම්කිසි ප්‍රශ්නයකට උත්තරේ තියෙන්නෙ අරගලේ ඇතුළෙ නෙවෙයි කියන එක. රණ්ඩු කරගැනීම අතුළෙ නෙවෙයි කියන එක.  බලහත්කාරය ඇතුළෙ නෙවෙයි කියන එක. උත්තර තියෙන්නෙ අපි යහපත්ව ජීවත්වෙන එක තුළයි. අපේ එකමුතුකම ඇතුළෙයි. පක්ෂ පැත්තකට දාලා එකතුවීම තුළයි.  නමුත්, කියන්න කණගාටුයි, අර තුනේ හාදයො ලග නැත්තෙත් ඒවම තමයි.

මේ පානීය ජල ව්‍යාපෘතිය අස්සෙ මේ ප්‍රදේශයට විශාල සංවර්ධන ව්‍යාපෘති රාශියකට මුල් ගල් තැබෙනවා.  මේ කැඩුණු පාරවල් කාපට් වේවි, විදුලිය ලැබේවි.  දැදුරු ඔය ජලය ඉඟිණිමිටියට ගෙනල්ලා, ඒ ජලය පිරිපහදු කරලා, නවගත්තේගම ග්‍රාමසේවා වසම් දහනවයයි, ආණමඩුවේ ග්‍රාමසේවා වඩ්ම් තිස්පහයි, මහකුඹුක්වල ග්‍රාමසේවා වසම් එකොළහකුයි, මුන්දලමෙත් වසම් රාශියකුයි ආවරණය කරලා, මේ ගම මැදින් තොඩුවාව, මුක්කු තොඩුවාවෙන් මුහුදට වැටෙනවා. මේ ජල යෝජනා ක්‍රමය ස්පාඤ්ඤ ව්‍යාපෘතියක් හරහයි එන්නේ.  මේ සියල්ල ලැබුනේ මහින්ද රාජපක්ෂ  මහත්මය ලබාදුන්නු නිවැරදි නායකත්වය යටතෙයි. ඉතිං, අපි ඉතුරු වැඩ ටිකත් එහෙමම කරලා අවසන් කරමු.  මේ සියල්ලටම අයි එම් එෆ් එක උදව් කරාවි, මේ රටේ ජනතාවට. දැනටමත් ඩොලර් බිලියන තුනක් සංචිතයට ඇවිත්. මේ මුදල් කළමනාකරණය  රටත්, ජනතාවත් ඉදිරියටම ගෙනියාවි. හැබැයි අපිටත් තව යම් කැපකිරීමක් කරන්න වෙයි. අපි ඒකත් කරමු රටේ සංවර්ධනය වෙනුවෙන්.

පී.සී.හෙට්ටිආරච්චි,
මාධ්‍ය ලේකම්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka