තමන් මෙතෙක් දැරූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයේ නිල කාලය අවසන්ව ඉන් ඉවත්වීම පිළිබඳව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කෙටි නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
තමන් එම ධුරයේ කටයුතු කිරීමේ දී සිය වෘත්තියේ ගෞරවනීය සාරධර්මවලට අනුකූලව එහි යහපත උදෙසා ක්‍රියාකිරීමට කටයුතු කළ බව ඔහු සඳහන් කරනවා.
“2021 වර්ෂයේ පෙබරවාරි මස 24 වැනි දින ඔබ මා කෙරෙහි තැබූ විශ්වාසය හා බලාපොරොත්තුව සිත්හි රඳවා තබා ගනිමින් අපගේ වෘත්තියේ ගෞරවනීය සාරධර්මවලට අනුකූලව එහි යහපත උදෙසා ක්‍රියාකිරීමට මම සෑමවිටම ඉමහත් පරිශ්‍රමයක් දැරීමි. මා ධුරයෙන් ඉවත් වන මේ අවස්ථාවේදී, ඔබගේ අපේක්ෂාවන්ට අනුකූලව මෙම ධුරයේ රාජකාරි ඉටු කිරීමට සමත් වූයේ යැයි විශ්වාස කරමි. ඔබ මා වෙත ලබා දුන් සහයෝගයත් සමඟින් මා නිරන්තරයෙන් ශක්තිමත් හා ධෛර්යමත්වීමි.
නීතීඥ සංගමයේ සාමාජිකයින්ගේ සුභසාධනය සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය සිදු කරන අතරවාරයේ දැයේ ජනතාවගේ විශ්වාසය පුබුදුවාලමින් නීතියේ ආධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය, අධිකරණයේ ස්වාධීනත්වය සහ ජනතාවගේ සහ ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කැප වූ ශක්තිමත් හා ජවසම්පන්න ආයතනයක් ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය වැජඹෙනු ඇතැයි යන්න මාගේ ඒකායන ප්‍රාර්ථනය වේ” යයි ඔහු සිය කෙටි නිවේදනයේ සඳහන් කරනවා.