gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත් ජනපති පුටුවේ වාඩි කිරීමේ සැලසුමක්! රනිල් පළවා හරින්න කාන්තා බලකායක් සූදානම්ලු

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පළවා හැරීමට මුල්වුයේ කාන්තාවන් පිරිසක් බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පළවා හරින්නෙත් කාන්තාවන් පිරිසක් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවැසුවාය.

ඒ වාගේම සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති පුටුවේ වාඩි කිරීමට පියවර ගන්නේ කාන්තාවන් බවයි ඇය පෙන්වා දෙන්නේ.

ගෝඨාභය ජනාධිපතිවරයා ධුරයෙන් පළාවා හැරීමට කාන්තාවන් පිරිසක් මුල් වු බවත්, ඒ අපේ සමගි ජනබලවේගයේ කාන්තාවන් බවත් ඇය කීවාය.

තලවකැලේ සංවිධානය කොට තිබු සජිබ ආසන බල මණ්ඩල රැස්වීමකට පසුගියදා එක් වෙමින් ඒ මහත්මිය එසේ පැවැසුවාය.

“ගෙවල්වල ඉන්න මිනිස්සු පවා එයාට සංවිධාන වැඩ කලා. තනිකර රූකඩයක් වගේ හිටපු මනුස්සයෙක් වීරයෙක් කියලා පෙන්වලා කට කතා තමයි යව්වේ ගෝඨාභය කියන්නේ අති දක්ෂ මිනිහෙක් කියලා. ඒ අය බොරු කියලා තමයි ජනාධිපතිවරණය දිනුවේ. ඒ අය බොරු කියලා ජනාධිපතිවරණය දිනුවානම් ඇයි අපිට සජිත් ප්‍රේමදාස ගැන ඇත්ත කියලා දිනන්න බැරි. සජිත් පාසල් හැදුවා. මිනිස්සුන්ගේ දුක දන්නවා. නඩු නැහැ. වංචා දුෂණ මුකුත් නැහැ. මහජන මුදල් හොරකම් කරලා නැහැ. වසර 20 ක පමණ පාර්ලිමේන්තු දීමනා ගෙවල් හදන්න තමයි යොදවලා තියෙන්නේ. අපිට මිනිස්සුන්ට ඇත්ත කියලා අපේ පැත්තට හරවා ගන්න බැරි ඇයි.

මැතිවරණය නැහැ කියලා අඩියක් පස්සට ගන්න එපා. අපි අඩියක් පස්සට ගත්තම අනෙක් දේශපාලන පක්ෂ අඩි දෙකක් ඉස්සරහට යනවා. අපිට දැන් රනිල් එකක් තියෙන ප්‍රශ්ණය තමයි මුළු රටටම දන්නවා අපි අද නන්නත්තාර වෙලා ඉන්නේ. රනිල් ආවේ රාපක්ෂලා ආරක්ෂා කරන්න කියලා මුළු රටටම දන්නවා. රනිල්ට පුළුවන් ඔීනෑම අවස්ථාවක ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් කැදවන්න. මේ වසරේ මැතිවරණයක් නැති වසරක් කිව්වාට අපි දන්නේ නැහැ හදිස්සියේම මෙයාට හිතුන ගමන් පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න පුළුවන්. ඒ නිසා මෙතැන ඉන්න හැමෝම දවසකට අළුත් ඡන්ද පහක්වත් අපේ පැත්තට හරවන් කටයුතු කළ යුතු” යැයි ඇය කීවාය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka