gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජපක්ෂ පවුල තනි වෙයි – පෝයට බණ අහන්න හිටියේ මේ අය විතරයි!

කාලයක් පුරා මැති ඇමතිවරු, ඉහල පෙලේ ව්‍යාපාරිකයන් ආදිය සමඟ සෑම පුන් පොහෝ දිනකම ධර්මශ්‍රවණය කළ හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මෙවර එම කටයුත්ත සිදුකර ඇත්තේ තම පවුලේ සමීපතමයන් සමඟයි. පෙරේදා (06) දිනට යෙදුණු මැදින් පොහොය දා මහින්ද රාජපක්ෂ මහතා ‘අමා දම් සිසිල’ ලෙස නම්කළ එම වැඩසටහනට එක්ව ඇත්තේ ඔහුගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ ඇතුළු කිහිප දෙනෙක් සමඟින්.

අමා දම් සිසිලස ධර්ම දේශනා මාලාවේ 232 වන ධර්ම දේශනාව පෙරේදා (06) එනම් මැදින් පුර පසළොස්වක පොහෝ දින තංගල්ල කාල්ටන් නිවසේ දී පැවැත්වුණා.

ධර්ම දේශනාව සඳහා අපගේ ගෞවරණීය ආරාධනය පරිදි වැඩමවා වදාළේ බොරලැස්ගමුව ධර්මරාජිකාශ්‍රමාධිපති, වලස්ගල සිරි සරණංකර පරිවෙණාධිපති බොලානේ ආනන්ද ස්වාමීන් වහන්සේයි.

“මගේ බිරිඳ ශිරන්ති සහ පවුලේ නෑ හිත මිතුරු පිරිසක් ද එම මාහැඟී ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා එකතු වූහ. මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය දැක බලා ඔබ සැම සැදැහැ සිතින් අනුමෝදන් වේවා!” යි ඒ පිළිබඳව සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරයා පවසනවා.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka