gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මීලඟ පොලිස්පති දේශබන්දු – ලකුණු කප්පාදුවකින් ජ්‍යෙෂ්ඨතා අනුපිළිවෙළ වෙනස් වෙයි

ශ්‍රී ලංකා පොලිසියේ 36 වන පොලිස්පතිවරයා ලෙස ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමට ජනාධිපතිවරයා නිර්දේශ කර ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසනවා.

වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මාර්තු 25 වන දා සිය ධූරයෙන් විශ්‍රාම ගැන්වීමෙන් පසුව ලෙස ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් තෝරා පත් කරගෙන තිබෙනවා.

දැනට සිටින අනුප්‍රාප්තිකයන් අතර සහකාර පොලිස් අධිකාරි කාලයේ සිට ජේ‍යෂ්ඨත්වයෙන් ඉදිරියෙන්ම සිට ඇත්තේ දේශබන්ධු තෙන්නකෝන් මහතාය.

එහෙත් ඔහු නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත්වීම් ලැබීමේදී තාක්ෂණික කරුණක් මත සිදු වූ ලකුණු කප්පාදුවකින් ජේ‍යෂ්ඨතා ධූරාවලිය වෙනස් වී ඇතැයි වාර්තා වනවා.

එම අවධියේදී තෙන්නකෝන් මහතාගෙන් පසු පිළිවෙළින් ජේ‍යෂ්ඨතා අනුපිළිවෙළෙහි සිට ඇත්තේ ලලිත් පතිනායක හා නිලන්ත ජයවර්ධනයි.

ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ධුරයේ සිට නියෝජ්‍ය පොලිස්පති ධුරය සඳහා වූ සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටියදී පොලිස්පති ප්‍රශංසා දත්ත ඇතුළත් කිරීමේදී වූ තාක්ෂණික කරුණක් මත ලකුණු 4ක් කපා දැමීමෙන් තෙන්නකෝන් මහතාගේ ස්ථානය වෙනස් වී තිබෙනවා.

පොලිස්පති ප්‍රශංසා ලේඛනයට 230 බී පෝරමය වෙනුවට පැරැණි ආකෘතියෙන් දත්ත සැපයීම ඊට හේතුව බවයි වාර්තා වන්නේ.

ඉන්පසු ජේ‍යෂ්ඨතා අනුපිළිවෙළ සකස් වී ඇත්තේ නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක හා දේශබන්ධු තෙන්නකෝන් වශයෙන්.

එහෙත් ශ්‍රී ලංකා පොලිසියෙහි සිය සේවා කාලය තුළ බහුවිධ අංශවලින් දේශබන්ධු තෙන්නකෝන් මහතා පෙන්වා ඇති කුසලතා හා ඔහුගේ අත්දැකීම් ගැන මේ වනවිට බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

වර්තමානයෙහි බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරන දේශබන්ධු තෙන්නකෝන් මහතා අපරාධ මර්දනයේදී කළ මැදිහත්වීම කැපී පෙනෙන අංශයක්.

1998.02.23 දින ආධුනික සහකාර පොලිස් අධිකාරි වරයෙකු ලෙස පොලිස් සේවයට එක්වන දේශබන්දු තෙන්නකෝන් මහතා 2006 වර්ෂයේදි පොලිස් අධිකාරි තනතුරටද, 2011 වර්ෂයේදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරටද, 2015 වර්ෂයේදි නියෝජ්‍ය පොලිස්පති තනතුරටද උසස්විම් ලබා තිබෙනවා.

අනතුරුව 2019.11.29 දින වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වන ඒ මහතා 2020.01.01 දිනට එම තනතුරේ ස්ථිර පත්විම් ලබන අතර, 2019.12.05 දින සිට මේ දක්වා වසර 03 කුත් මාස 03 කට අධික කාලයක් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කරනු ලබයි.

වසර 25 ක සේවා අත්දැකීම් ඇති ඒ මහතා තම සේවා කාලය තුල දිවයිනේ විවිධ ප්‍රදේශ ආවරණය වන පරිදි රාජකාරි කර ඇති අතර, ඒ අනුව දකුණු පළාතේ ගාල්ල, මාතර/ උතුර පළාතේ වව්නියාව/ නැගෙනහිර පළාතේ කන්තලේ/ බස්නාහිර පළාතේ නුගේගොඩ සහ කැළණිය යන ප්‍රදේශයන්හි රාජකාරි කර තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka