gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අලුත් ඇමතීන්ට බාලගිරි දෝෂය! IMF වාරිකය ලැබුණු පසු අලුත් ඇමතිවරු දිවුරුම් දීමට තීරණයක්!

නව කැබිනට් මණ්ඩලය පත් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලැබුණු පසු කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.

මුදල් ප්‍රශ්නය හේතුවෙන් අලුතින් ඇමැතිවරුන් පත් කිරීම මේ අවස්ථාවේදී සුදුසු නැති බව ආර්ථික විශේෂඥයන් රජයට කරුණු පෙන්වාදී තිබෙනවා.

අලුතින් ඇමැතිවරුන් 12දෙනකු පත් කිරීමට රජය මුලින් තීරණය කර තිබුණා.

ඇමැතිවරුන් ලෙස පත් කිරිම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 10දෙනකුගේ ලැයිස්තුවක්ද එම පක්ෂය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගියදා බාරදී තිබෙනවා.

එහෙත් එම ලැයිස්තුවෙන් පත් කෙරුණේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පමණයි.

අලුත් ඇමැති ලැයිස්තුවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාද පත් කිරීමට නියමිතයි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka