gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දේශපාලනයේ අලුත් ගමනක් කඳුරටින් අරඹයි

පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ඇමතිවරුන් සහ මන්ත්‍රිවරුන් වශයෙන් කටයුතු කරන වතුකරයේ දමිල දේශපාලඥයින් ඔහුන් එකිනෙකා විවේචනය නොකර ගනිමින් වතුකරයේ දේශපාලනය කිරිමට එකගතාවයකට පැමිණ තිබෙනවා.

එම ඇමතිවරුන් සහ මන්ත්‍රිවරුන් වතුකරයේ ප්‍රධාන වෘත්තිය සමිති පවත්වාගෙන යන අතර එම වෘත්තිය සමිති නායකයින් විසින් මෙතෙක් කල් ඔහුන් එකිනෙකා විවේචනය කර ගනිමින් ඔහුන්ගේ ජන්දය වැඩි කරගනිමින් දේශපාලන කටයුතු වල නිරත වුණා.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ඇමතිවරුන් සහ මන්ත්‍රිවරුන් ජනාධිපතිවරයාගේ සහ රජයේ ගුණ වර්ණනා කරමින් පාර්ලිමේන්තුව තුල කටයුතු කිරිමටත් වතුකරයේ විපක්ෂයේ මන්ත්‍රිවරුන් ජනාධිපතිවරයා සහ ආණ්ඩු පක්ෂය විවේචනය කරමින් පාර්ලිමේන්තුව තුල කටයුතු කිරිමටත් එකගතාවය පල කර තිබෙනවා.

මෙම ඇමතිවරුන් සහ මන්ත්‍රිවරුන් මේ දිනවල පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් වතුකරයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නියැලි සිටින අතර එම මැතිවරණ ප්‍රචාරක කටයුතු වල වතුකරය නියෝජනය කරන කිසිදු ඇමතිවරයෙකු හෝ මන්ත්‍රිවරයෙකු කිසිදු අවස්තාවක ඔහුන් එකිනෙකා විවේචනය නොකර ගනිමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නියැලෙය බව වතු කම්කරුවන් පැවසුවා.

මේ පිලිබදව කිසිවක් නොදත් වතුකරයේ ජන්ද දායකයින් වෙනදා මෙන් තම නායකයා ඉහලින් ඔසවා තැබීමට තවදුරටත් කටයුතු කරමින් වෘත්තිය සමිතිවල සාමාජිකත්වය දරන අතර මෙම එකගතාවය තුලින් වතුකරයේ දේශපාලනය කිරිමේදි වතුකරයේ ජනතාව වෙනුවෙන් වැඩි අයිතිවාසිකම් ලබා ගැනිම සදහා පාර්ලිමේන්තුව සහ පළාත් පාලන ආයතන නියෝජනය කරන දමිල මන්ත්‍රිවරුන්ගේ සංඛ්‍යාව මිට වඩා වැඩි කර ගැනිම එම දෙපාර්ශවයේම සැලසුම වි තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka