පසුගිය සතියේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ නීල් බණ්ඩාර හපුහින්නට හදිසියේම ස්ථාන මාරුවක් ලැබුණේ ජනාධිපති ලේකම් කාර්යාලයට වාර්තා කරන ලෙසටය. පසුගිය කාලයේදී පළාත් පාලන මැතිවරණය කල්දැමීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් පළමු චෝදනාව එල්ල වූයේ හපුහින්නටය. ඒ, මැතිවරණයේ ඇප මුදල් භාර නොගන්නා ලෙසට දිස්ත්‍රික් ලේකම්වරුන්ට යොමු කළ ලිපියක් මුල් කරගෙනය. හපුහින්නගෙන් ඒ පිළිබඳ විමසද්දී ඔහු සඳහන් කොට තිබුණේ කැබිනට් ලේකම්වරයා විසින් තමන්ට එවන ලද ලිපියක් මුල් කරගෙන තමන් එම ලිපිය දිස්ත්‍රික් ලේකම්වරුන්ට යොමුකළ බවකි. නමුත් දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී කැබිනට්ටුව එවැනි තීන්දුවක් නොගත් බවත්, කැබිනට් ලේකම්වරයා එවැනි ලිපියක් යොමුකොට නැති බවත් ප්‍රකාශ කිරීමත් සමග හපුහින්නට විශාල දෝෂාරෝපණයකට මුහුණ දීමට සිදුවූ ආකාරයක් දැකගන්නට ලැබිණි.
කෙසේ වෙතත් මීට සති කිහිපයකට ඉහතදී තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ මාධ්‍ය ආයතනයක් විසින් කැබිනට් ලේකම්වරයා විසින් එවන ලද ලිපිය ලබාදෙන ලෙස කළ නිල ඉල්ලීමකට අනුව එම කටයුතු භාර ලේකම්වරිය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ නීල් හපුහින්න මහතාගෙන් ඒ පිළිබඳ විමසා සිටීමට පියවර ගෙන තිබිණි. එහිදී හපුහින්න උපදෙස් දී තිබුණේ නීතියට අනුව එවැනි ඉල්ලීමක් ලැබුණහොත් එය ලබාදිය යුතු නිසා අදාළ ලිපිය නිකුත් කරන ලෙසය. නමුත් මේ ලිපිය මාධ්‍යයට නිකුත් වීමත් සමග බරපතළ දේශපාලන අර්බුදයක් මතුවිය. ඉන් එකක් වූයේ එවැනි ලිපියක් නිකුත් නොකළ බවට දිනේෂ් පාර්ලිමේන්තුවට කී කතාව බොරුවක් වීමය. අනෙක කැබිනට් මණ්ඩලයේ ඒ පිළිබඳ සාකච්ඡා වී ඇති බව ඔප්පු වීමය. ඒ හරහා හපුහින්නට එල්ල වී තිබුණු විශාල චෝදනාවෙන් කොටසක් එකවරම ගැළවී ගිය ආකාරයක්ද දැකගන්නට ලැබිණි. හපුහින්නට හදිසි ස්ථාන මාරුවක් ලැබීමට බලපෑ පළමු කාරණය වී තිබුණේ එයය.
දෙවැනි කාරණය වූයේ පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වීමෙන් පසු ඒවාට කරන්නේ කුමක්ද යන්න පිළිබඳ මතුවූ සාකච්ඡාවේදී ඇතිවූ විවාදාත්මක තත්ත්වයකි. මෙහිදී බැසිල්ගේ පාර්ශ්වයේ ඉදිරිපත් වූ යෝජනාවකින් කියැවුණේ හිටපු සභාපතිවරු සහ උපසභාපතිවරුන්ගෙන් සැදුම් ලත් කමිටුවක් මගින් පළාත් පාලන ආයතනවල වැඩකටයුතු ඉදිරියට කරගෙන යා යුතු බවය. නමුත් ඊට නීතිමය ප්‍රතිපාදන නොමැති වීම නිසා එම යෝජනාව මේ වන විට කුණු කූඩයට විසිවී තිබේ.
අනෙක් පැත්තෙන් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන්ද මේ හා සමානම යෝජනාවක් ඉදිරිපත් වී තිබිණි. එයද කමිටුවක් හරහා පළාත් පාලන ආයතන ඉදිරියට පවත්වාගෙන යා යුතු බවටය. මෙම යෝජනාව රාජ්‍ය පරිපාලන, පළාත් පාලන සහ පළාත් සභා, ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් හපුහින්නට පැමිණි පසු හෙතෙම ඍජුවම එම යෝජනාව ඉවත දැමීමට පියවර ගෙන ඇත්තේ ඊට නීතිමය ප්‍රතිපාදන නොමැති බව දක්වමිනි. ඒ අනුව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ආ එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමත්, කැබිනට් ලේකම්වරයා විසින් එවන ලද ලිපිය මාධ්‍යයට නිකුත් කිරීමත් හපුහින්නගේ අමාත්‍යාංශ ලේකම් ධුරය අහිමි වී ඔහුට ජනාධිපති ලේකම් කාර්යාලයට වාර්තා කරන ලෙසට දැනුම් දීමට හේතු වී ඇතිද යන සැකය මේ වනවිට බොහෝ දෙනාට මතුව ඇති බවක් දකගන්නට පුලුවන..
රාජ්‍ය රහස්

මව්රට