මෝඩ චූන්වලින් රුපියල ශක්තිමත් කරන්න බෑ... IMF වැඩේ පටන් ගත්තාම රුපියල මෙහෙමවත් පාලනය කරගන්න බැරිවේවි - ආචාර්ය ගොඩහේවා රුපියලට වෙන්න යන දේ ගැන දැන් තියාම භයානක හෙළිදරව්වක් කරයි!
ආර්ථිකය ශක්තිමත් නොකර තාවකාලික චූන්වලින් රුපියල ශක්තිමත් කළ නොහැකි බව නිදහස ජනතා සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.
පසුගිය දිනවල රුපියල ශක්තිමත් වූ බව පෙනුණත් දැන් යළිත් එහි අගය පහළ යමින් ඇතැයි කී මන්ත්‍රීවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කරනවිට රුපියලේ අගය වර්තමානයේ තරමටවත් පාලනය කිරීමට නොහැකි වනු ඇතැයි සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණය පවැත්වීමට නොහැකි නම් පාර්ලිමේන්තු මැතිවරණය හෝ පැවැත්වීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු යැයි කී නාලක ගොඩහේවා මහතා ජනාධිපතිවරයාට මෙම මාසයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ හැකියාව තිබෙන බව ද කීවේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ පිහිටි නිදහස් ජනතා සන්ධාන කාර්යාලයේ දී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ජනතාවට තමන්ගේ මහජන නියෝජිතයන් තෝරාගැනීමට අවස්ථාව දිය යුතු බවත්, ජනාධිපතිවරයාට 2025 පමණ වන තුරු එම ධුරයේ කටයුතු කළ හැකි නිසා අවශ්‍ය නම් නව පාර්ලිමේන්තුවකින් සර්වපාක්‍ෂික ආණ්ඩුවකට ද ආරාධනා කළ හැක බව ගොඩහේවා මහතා කීවේය.
දිගින් දිගටම වැඩවර්ජන පැවතුණොත් එය රටේ ආර්ථිකයට දැඩිව බලපානු ඇතැයි කී ගොඩහේවා මහතා රජය ආදායම් වැඩිකරගැනීම සම්බන්ධයෙන් මෙන්ම ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් ද සංවේදී විය යුතු බව පැවසීය.
පසුගිය දිනවල රුපියල ශක්තිමත් වූ බව පෙනුණත් දැන් යළිත් එහි අගය පහළ යමින් ඇතැයි කී මන්ත්‍රීවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කරනවිට රුපියලේ අගය වර්තමානයේ තරමටවත් පාලනය කිරීමට නොහැකි වනු ඇතැයි සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණය පවැත්වීමට නොහැකි නම් පාර්ලිමේන්තු මැතිවරණය හෝ පැවැත්වීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු යැයි කී නාලක ගොඩහේවා මහතා ජනාධිපතිවරයාට මෙම මාසයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ හැකියාව තිබෙන බව ද කීවේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ පිහිටි නිදහස් ජනතා සන්ධාන කාර්යාලයේ දී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ජනතාවට තමන්ගේ මහජන නියෝජිතයන් තෝරාගැනීමට අවස්ථාව දිය යුතු බවත්, ජනාධිපතිවරයාට 2025 පමණ වන තුරු එම ධුරයේ කටයුතු කළ හැකි නිසා අවශ්‍ය නම් නව පාර්ලිමේන්තුවකින් සර්වපාක්‍ෂික ආණ්ඩුවකට ද ආරාධනා කළ හැක බව ගොඩහේවා මහතා කීවේය.
දිගින් දිගටම වැඩවර්ජන පැවතුණොත් එය රටේ ආර්ථිකයට දැඩිව බලපානු ඇතැයි කී ගොඩහේවා මහතා රජය ආදායම් වැඩිකරගැනීම සම්බන්ධයෙන් මෙන්ම ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් ද සංවේදී විය යුතු බව පැවසීය.
මෝඩ චූන්වලින් රුපියල ශක්තිමත් කරන්න බෑ... IMF වැඩේ පටන් ගත්තාම රුපියල මෙහෙමවත් පාලනය කරගන්න බැරිවේවි - ආචාර්ය ගොඩහේවා රුපියලට වෙන්න යන දේ ගැන දැන් තියාම භයානක හෙළිදරව්වක් කරයි!
2023-03-16T20:44:00+05:30
Lanka Hot News