gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

යුද්ධයක් අවසන් කරපු මිනිහෙකුටත් මයිනා මයිනා කිව්වනේ... අපි නං වර්ජනේට නෑ - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

රාජ්‍ය සේවා එක්සත් වෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ  මාධ්‍ය හමුවකට එක්වී මෙසේ අදහස් දැක්වූහ.

"රාජ්‍ය සේවා එක්සත් වෙද සංගමය වැඩ වර්ජනයට සහභාගී වෙන්නෙ නැහැ. අපි තරම් වැඩ වර්ජනය කරන කවුරුත් නැහැ. ඒවට අරමුණු තියෙන්න ඕනේ. අද මේ රට වැටී තිබෙන තත්වයට අපි තව දුරටත් වැඩ වර්ජනය කොළොත් අපි තව දුරටත් කබලෙන් ළිපට වැටෙනවා.

අප්‍රේල් ජුනි මාසෙ වෙන කොට සහන ලැබෙනවා කියලා දැඩි විශ්වාසයක් තියෙනවා. දැවෙන ප්‍රශ්න රාශියක ජනාධිපතිතුමත් එක්ක කතා කරලා විසඳගන්න අපිට හැකියාව ලැබුනා. වර්ජනයට වඩා සාකච්ඡාව වැදගත්.

රෝහලකට එනකොට කාර්‍ය්‍ය මණ්ඩලය වැඩ වර්ජනයේ යෙදිලා ඉන්නවනම් අහිංසක රෝගීන්ට කාගේ පිහිටක්ද? අහිංසක රෝගීන් අමාරුවෙ දාන්න එපා කියලයි මම අපේ හෙද කාර්‍ය මණ්ඩලයටත් කියන්නේ.

ගන්න වැටුපට අමතර බදු කපනවනම් ඒක සාධාරණ නෑනේ. අපි කිව්ව පැහැදිලි කරලා. අපි රටේ පොදු ප්‍රශ්න ආවොත් අපි ඒවට වෙනම සටන් කරනවා. මේ වෙලාවේ රටේ ආර්ථිකේ ගොඩ ගන්න වැඩ වර්ජන කරලා පුළුවන් කමක් නැ. දැන් මේ කෑහහන දේශපාලන නායකයින්ට පුළුවන්ද මේක ගොඬගන්න. සමහරුන්ගේ ප්‍රලාපනය තමයි පෝලිම් නැතුව තෙල් ටික ගහගන්න පුළුවන් නම් පෝලිම් නැතුව ගෑස් ටික ගන්න පුළුවන් ඒ සහනය අපිට ලැබිල තියෙනවා.

පනින්න පෙර සිතා බලනු කියලා කතාවක් තියෙනවනේ. ඒවා අපි අනුගමනය කරනවා. යුද්ධයක් අවසන් කරපු මිනිහෙකුට මයිනා මයිනා කියලා කෑහගන්න පටන ගත්තනේ. අපේ මිනිස්සුන්ගෙ හැටි. එවෙලේ වාසිය බලනවා මිසක් අනාගතේ ලාභය බලන්නෙ නෑ කවුරුවත්. අපි කියන්නෙ ඉදිරිය බලන්න. මගේ පුද්ගලික මතය, තව දුරටත් මැතිවරණයක් ඉල්ලලා කෑගහන එක තවත් රටේ ජාතික ධනය විනාශ වෙනවා. "


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka