කටුනායක ආරක්ෂාව දැඩි කරයි! CCTV පද්ධතිය පුලුල් වෙයි! විශේෂ කවුලුවකුත් දමයි! දඩය 100,000ට වැඩි කරයි!
කටුනායක ගුවන් තොටුපොළේ ආචාරශීලී මෙන්ම සුහද බව කෙලෙසන සහ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට මෙතෙක් නියම කෙරුණු රුපියල් 25000 දඩ මුදල ලක්ෂය දක්වා වැඩි කිරීමට තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
මේ අතර මෙවැනි අක්‍රමිකතාවන්හි නියැලෙන්නන් හසුකරගැනීමට සිවිල් ආරක්ෂක කණ්ඩායමක් යෙදවීමට යෙදවීමටත් සීසීටීවී කැමරා පද්ධතිය පුළුල් කිරීමටත් අමාත්‍යවරයා තීරණය කළේය.
තවද මේ පැමිණිලි බාරගැනීම සඳහා විශේෂිත කවුළුවක් ස්ථාපිත කිරීමටද අමාත්‍යවරයා වැඩිදුරටත් තීරණය කර ඇත.
බොහෝ ගුවන්තොටුපොළවල ඇති ආචාරශීලී බව සහ සුහද බව කටුනායක ගුවන්තොටුපොළේ නැතැයි විදේශිකයන්ගෙන් පැමිණිලි රැසක් ලැබී ඇතැයි පැවසූ අමාත්‍යවරයා විශේෂයෙන්ම ගමන්මලු ඔසවන්නන්, ටැක්සි රියදුරන් හා තැරැව්කරුවන් විවිධ අක්‍රමිකතාවල නියැලෙන බවටද පැමිණිලි ලැබෙන බව සඳහන් කළේය.
මේ අතර මෙවැනි අක්‍රමිකතාවන්හි නියැලෙන්නන් හසුකරගැනීමට සිවිල් ආරක්ෂක කණ්ඩායමක් යෙදවීමට යෙදවීමටත් සීසීටීවී කැමරා පද්ධතිය පුළුල් කිරීමටත් අමාත්‍යවරයා තීරණය කළේය.
තවද මේ පැමිණිලි බාරගැනීම සඳහා විශේෂිත කවුළුවක් ස්ථාපිත කිරීමටද අමාත්‍යවරයා වැඩිදුරටත් තීරණය කර ඇත.
බොහෝ ගුවන්තොටුපොළවල ඇති ආචාරශීලී බව සහ සුහද බව කටුනායක ගුවන්තොටුපොළේ නැතැයි විදේශිකයන්ගෙන් පැමිණිලි රැසක් ලැබී ඇතැයි පැවසූ අමාත්‍යවරයා විශේෂයෙන්ම ගමන්මලු ඔසවන්නන්, ටැක්සි රියදුරන් හා තැරැව්කරුවන් විවිධ අක්‍රමිකතාවල නියැලෙන බවටද පැමිණිලි ලැබෙන බව සඳහන් කළේය.
කටුනායක ආරක්ෂාව දැඩි කරයි! CCTV පද්ධතිය පුලුල් වෙයි! විශේෂ කවුලුවකුත් දමයි! දඩය 100,000ට වැඩි කරයි!
2023-03-30T06:51:00+05:30
Lanka Hot News