IMF ණය ලැබුනු පසු තවත් බිලියන 4.5ක් ණයට ගන්නවා.. එවිට ඩොලර් අර්බුදය අවසන්…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට පළමු ණය වාරිකය ලැබීමෙන් පසු එළැඹෙන කාලයේ දී මෙරට ඩොලර් අර්බුදය අවසන් වනු ඇතැයි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ‍්‍රී ලංකාවට ලබාදීමට නියමිත ණය මුදල හෙට දිනයේ අනුමත වනු ඇති බවත් එහි පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 390ක් අඟහරුවාදා දිනය වන විට මෙරටට ලැබෙනු ඇති බවත් හෙතෙම කියා සිටියි.
මුල්‍ය අරමුදලේ ණය අනුමත වූ පසු ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව හරහා තවත් ඩොලර් බිලියන හතරහමාරක ණය මුදලක් ලැබෙනු ඇති බවද හෙතෙම පවසයි.
IMF ණය ලැබුනු පසු තවත් බිලියන 4.5ක් ණයට ගන්නවා.. එවිට ඩොලර් අර්බුදය අවසන්…
2023-03-19T10:52:00+05:30
Gossip Lanka Hot News






