රසායනික පොහොර තහනම් කිරීම හේතුවෙන් වී සහ තේ නිෂ්පාදනය පසුගිය වසරේදී පහළ යෑම නිසා රුපියල් කෝටි විසි හතර දහස් පන්සියයකට(24500) වැඩි පාඩුවක් සිදුවී ඇතැයි විශේෂ අධ්‍යයනයකදී තොරතුරු අනාවරණයවූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පුවත්පතකට පවසා තිබෙනවා.
සෑම ගොවි මහතකුටම මේ හේතුවෙන් එම වර්ෂයේදී සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයක පමණ පාඩුවක් සිදුව ඇතැයිද ඔහු සඳහන් කළා.
පසුගිය වසරේ මහ කන්නයේ වී නිෂ්පාදනය පෙර වසරේ මහ කන්නයට සාපේක්ෂව මෙට්‍රික් ටොන් එකොළොස් ලක්ෂ තිස් දහස් එකසිය හැට හතරකින්ද( සියයට 36 කින්) යල කන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් හයලක්ෂ විසි හය දහස් පන් සිය විසි හතකින්ද ( සියයට 30කින්) පහළ ගොස් ඇති බව වසන්ත අතුකෝරළ මහතා සඳහන් කළා.
ඒ අනුව එම කන්න දෙකේ පහළ ගොස් ඇති වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් දහ හත් ලක්ෂ පනස් හය දහස් හය සිය අනූ එකක්.
මේ අතර රසායනික පොහොර තහනම හේතුවෙන් පසුගිය වසරේ තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 47000 කට වැඩි ප්‍රමාණයකින් පහළ ගොස් ඇතැයි එම අධ්‍යයනයේදී පෙනී ගිය බව පැවසූ මහාචාර්යවරයා එය ඊට පෙර වසරට සාපේක්ෂව සියයට 16 ක පමණ පහළ යෑමක් බවද ප්‍රකාශ කළා.
තේ නිෂ්පාදනය එලෙස පහළ යෑමෙන් සිදු වූ මූල්‍යමය පාඩුව රුපියල් කෝටි හය දහස් අසූ හතරක් ලෙස ගණනය කර තිබෙනවා.
මේ අතර පසුගිය වසරේදී රබර් අපනයනය සියයට 1.8 කින්ද පොල් අපනයනය සියයට 5.9 කින්ද කුළු බඩු අපනයනය සියයට 18.9 කින්ද එලවලු අපනයනය සියයට 6.6 කින්ද පහළ ගොස් ඇති බව පැවසූ අතුකෝරළ මහතා විශාල විදේශ විනිමයක් මේ හේතුවෙන් රටට අහිමි වූ බවද සඳහන් කළා.
මේ අතර පසුගිය රජය කාබනික පොහොර ගෙන්වීම සඳහා පසුගිය වසරේ අප්‍රේල් මස සිට දෙසැම්බර් මස දක්වා රුපියල් කෝටි අටදහස් හාරසිය අසූවක් පමණ වැය කර ඇතැයි එම අධ්‍යයනයේදී වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ රසායනික පොහොර තහනම් කර කාබනික පොහොර ව්‍යාපෘතිය ක්‍රියාත්කම කළා.