gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඉන්ධන මිල පහළට : නව මිල ගණන් මෙන්න

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුමැතිය ලැබී ඇති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

විදුලි බල සහ බලශක්ති අමාත්‍යංශයේ මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 60 කින් ද ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 80කින් ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක රුපියල් 135කින් ද සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 45කින් ද භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10කින් ද අඩු කිරීමට අනුමැතිය ලැබී ඇති බව අමාත්‍යවරයා පැවසීය.

ඔහු සඳහන් කළේ, අදාළ මිල ගණන් අද (මාර්තු 29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරෙන බව ය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka