වෛද්‍ය වැඩවර්ජනය කාලය තුළ පුද්ගලික ප්‍රතිකාර කරන අති බහුතරය හොර දොස්තරලා… හොර දොස්තරලා 40000ක් ඉන්නවා – GMOA
රටපුරා හොර වෛද්‍යවරු 40000ට අධික පිරිසක් සිටින බැවින් වෛද්‍ය වැඩ වර්ජනය පැවැත්වෙන කාලය තුළ ප්‍රතිකාර ලබා ගැනීමේදී ප්‍රවේසම් වන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
වෛද්‍ය වැඩ වර්ජනයට පෞද්ගලික වෛද්‍ය සේවාවන්ගේ නියුතු වෛද්‍යවරු , විශේෂඥ වෛද්‍යවරු, පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි සේවයේ නියුතු වෛද්‍යවරු ඇතුළු සියලුම දෙනා එක්වන බැවින් වෛද්‍ය සේවාවන්ගේ නියුතු වීමට සිටිනුයේ නීත්‍යානූකූල වෛද්‍යවරුන් කීපදෙනෙකු පමණක් බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සදහන් කරයි.
වෛද්‍ය වැඩ වර්ජනය පැවැත්වෙන කාලය තුළ පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන වෛද්‍යවරුන් පිලිබඳව වඩාත් සැලකිලිමත් වන්නැයි හෙතෙම ජනතාවට දැනුම් දි සිටියි.
ශ්‍රියානි විජේසිංහ
වෛද්‍ය වැඩවර්ජනය කාලය තුළ පුද්ගලික ප්‍රතිකාර කරන අති බහුතරය හොර දොස්තරලා… හොර දොස්තරලා 40000ක් ඉන්නවා – GMOA
2023-03-13T11:20:00+05:30
Lanka Hot News






