gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

"උද්ඝෝෂණ කරන මිනිස්සුන්ට ගහන්න ඕනේ...මේ රට අපිට ගොඩ දාන්න ඉඩ දෙන්න” – ඩයනා රටේ ජනතාවට කියයි (VIDEO)

කොළඹ අවට සිදු කරන උද්ඝෝෂණ වහා ම නවත්වන්නැයි සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසයි.

අද (මාර්තු 9) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළා ය.

“රටේ ජනතාව ගහනවා ඔය උද්ඝෝෂණ කරන අයට දැන්. රටේ ජනතාවට මේක එපා වෙලා ඉන්නේ. කොළඹ ඉන්න සංචාරකයින්ට එළියට බහින්න බැහැ. හෝටල්වල ඉන්න සංචාරකයින්ට එළියට බහින්න බැහැ. බිය ගැන්විලා ඉන්නේ. මේක ඇතුළට හිර වෙලා ඉන්නේ. මොකක් ද මේ කරන විහිළුව මේක වහා ම නවත්වන්න.”

ජනතාව නොමග යවා දේශපාලන වාසි ගැනීමට ද රට තව ත් අගාධයකට ඇද දැමීමට ද ඇතැම් පිරිස් සූදානම් වන බව කී ඩයනා ගමගේ එය සිදු කිරීමට රටේ ජනතාව ඉඩ නොදෙන බව ප්‍රකාශ කළා ය.

“මම කියනවා මේ රටේ ජනතාවට, මේ මිනිස්සුන්ට ගහන්න ඕන. රටේ ජනතාව ගහන්න ඕන. මොක ද ඔබ සියලු දෙනාගෙ ම මුදල් තමා කඳුළු ගෑස්වලටත් වතුරවලටත් මේ කරන අපරාධවලට ත් වියදම් කරන්නේ මේ සියලු දෙනාගේ බදු මුදල්. මේක වහා ම නවත්තන්න. මේ රට අපිට ගොඩ දාන්න ඉඩ දෙන්න.”


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka